අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාරයේ මිලිටරි ජුන්ටා විරෝධතාකරුවන් 18ක් මරුට

by Lanka Sara Editor
මාර්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මියන්මාරයේ හමුදාව විසින් පෙබරවාරි 01 සිදුකළ පාලනය සියතට ගැනීමේ කුමන්ත්‍රණයෙන් පසු එරට ආරක්ෂක හමුදාව විසින් සාමකාමී පෙලපාලිකරුවන්ට එරෙහි දරුණුතම හා මාරාන්තික මර්දනය ඊයේ(28) දියත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අනුව සාමකාමී ප්‍රජාතන්ත්‍රවාද හිතවාදී විරෝධතාකරුවන් අවම වශයෙන් 18 දෙනෙකු මියගොස් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

සිවිල් නායක අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගත් රජය ඉවත් කළ මිලිටරි කුමන්ත්‍රණයට එරෙහිව මාසයක් තිස්සේ රට පුරා පැවති විරෝධතා ව්‍යාපාරය මර්දනය කර දැමීමට පොලීසිය උත්සාහ කරන බැවින් මරණ සංඛ්‍යාව සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ.

“මියන්මාරය යුධ පිටියක් හා සමානයි ” යැයි යැන්ගොන් අගරදගුරු සහ මියන්මාරයේ පළමු කතෝලික කාදිනල් චාල්ස් මාං බෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පසුගිය දිනවල සමහර ප්‍රදේශවල විරෝධතා අතරින් පතර යම් ප්‍රචණ්ඩත්වයක් දක්නට ලැබුණද, රට පුරා ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රතිචාර දැක්වීම හදිසියේ වෙනසක් සිදු විය.

ඒ අනුව හමුදාව විසින් විරෝධතාකරුවන්ට වෙඩි තැබූ, කඳුළු ගෑස් මෙන්ම අත් බෝම්බ භාවිතා කිරීමට පටන් ගත්තේය.

දේශපාලන සිරකරුවන් සඳහා වන සහායක සංගමයේ (ඒඒපීපී) ක්‍රියාකාරී කණ්ඩායම පැවසුවේ, පෙබරවාරි 1 කුමන්ත්‍රණයෙන් පසු ඊයේ වනවිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,132 දෙනෙකු ලෙස ලේඛනගත කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඉරිදා පමණක් මියන්මාරය පුරා පුද්ගලයින් 1000 ක් පමණ අත්අඩංගුවට ගත් බව එම කණ්ඩායම සඳහන් කරයි.

මෙම විරෝධතා හිටිඅඩියේ දරුණු වූයේ, හමුදා කුමන්ත්‍රණය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තරව ක්‍රියාමාර්ග ගන්නා ලෙස, සිය රටේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලා සිටීම නිසා ඔහු ඉවත් කොට දිනකට පසුව ය.

සෙනසුරාදා මියන්මාරයේ ජාතික රූපවාහිනිය එම්ආර්ටීවී එක්සත් ජාතීන්ගේ තානාපති කියාව් මෝ ටුන් ඉවත් කරන බව නිවේදනය කරමින් කියා සිටියේ “ස්ථිර තානාපතිවරයකුගේ බලය සහ වගකීම් අනිසි ලෙස භාවිතා කර ඇති” බවත් ඔහු “රට පාවා දෙන” බවත් ය.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් කියෙව් මෝ ටුන් පැවසුවේ “මට හැකි තාක් දුරට සටන් කිරීමට මම තීරණය කළා” යනුවෙනි.

සිකුරාදා නිව්යෝර්ක් නුවර පැවති හමුව අමතමින් මියන්මාරයේ ජගත් සංවිධාන තානාපති කියෙව් මෝ ටුන් “දැන් රට පාලනය කරන හමුදා පාලකයින් නොසලකා හැර මියන්මාරයේ ජනතාව බේරා ගැනීමට සහ හමුදාව ඉවත් කිරීමට “අවශ්‍ය ඕනෑම ක්‍රමයක්” භාවිතා කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් සහ ලෝකයෙන් ඉල්ලා සිටියේය.

“මිලිටරි කුමන්ත්‍රණය වහාම අවසන් කිරීම, අහිංසක ජනතාවට හිංසා කිරීම නැවැත්වීම, රාජ්‍ය බලය ජනතාව වෙත ආපසු ලබා දීම සහ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් තවත් ශක්තිමත් ක්‍රියාමාර්ගයක් අපට අවශ්‍යය” යනුවෙන් ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහල් කටයුතු අඩාලයි… ගම්පහ රෝහලේ යළිත් වර්ජනයක්….

Next Post

මෑතක සිට රටේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබෙන්නේ නවීන පරිගණක යෙදවුමකින්….

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.