බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ සැලෝන් නඩුව – අධිකරණ නියෝගයක් තිබෙද්දී ඉබි යතුරු කඩා ඇතුළත ඇති ආලේපන පරීක්ෂා නොකිරීම සම්බන්ධව මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ප්‍රශ්න කරයි!

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වූ ටී තේනබදු ඊයේ (18) නියෝග කළාය .

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ එම රූපලාවණ්‍යාගාරයේ සේවිකාවක් ලෙස කටයුතු කළ බව කියන අංක 14/ ඒ ශ්‍රමදාන මාවත කලවාන මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි සඳුනි හංසිකා පියුමාලි නමැති අයෙකි. .

මෙහිදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න මෙම කාන්තාවගේ හිස කෙස් යථා තත්ත්වයට පත් වෙතැයි ස්ථිර ලෙස කිව නොහැකි බව වෛද්‍යවරුන් පවසන බවත් සිදුවී ඇති අලාභය නැවත ප්‍රතිපූර්ණය කර ගතය නොහැකි බවත් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය තවමත් සැඟවී සිටීම නිසා අගතියට පත් කාන්තාව වෙනුවෙන් සානුකම්පිතව මුදලක් ඉල්ලා සිටින බවත් අධිකරණයට පැවසීය .

මෙහිදී සැකකාර තරුණිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක විත්තිකාරිය මෙම රූපලාවන්‍ය ආයතනයේ සේවිකාවක් නොවන බවත් ඇය මීගමුව ප්‍රදේශයේ ආයතනයක සිදුකළ හැදෑරීමකින් පසුව මෙම රූපලාවණ්‍යාගාරයේ පුහුණුවීම් ලබමින් සිටි තැනැත්තියක් බවත් අධිකරණයට කරුණු දැක්වීය .

පසුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අගතියට පත්ව සිටින පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ලෙස රුපියල් 25000ක මුදලක් ලබා දෙන ලෙස නියෝග කළාය .

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් එහි විමර්ශන නිලධාරිනි රමාෂා තත්සරණි අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ රූපලාවන්‍යාගාරය ඉබි යතුරු දමා වසා තිබීමත් එහි හිමිකාරියව තවමත් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නොතිබීමත් හේතුවෙන් එය විවෘත කර පරීක්ෂා කිරීමට නොහැකි වී ඇති බවය .

මෙහිදී පොලිසිය ද අධිකරණයට කරුණු දක්වමින් රූපලාවන්‍යාගාරයේ හිමිකාරියව තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම නිසා එය විවෘත කර ගත නොහැකිව සිටින බව දැන්වීය .

එහිදී මහේස්ත්‍රාත්වරිය එම රූපලාවණ්‍යාගාරය විවෘත කර එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී එය විවෘත කිරීමට එහි හිමිකරුවන් අවශ්‍ය නැති බැවින් රූපලාවණ්‍යාගාරයේ ඉබි යතුරු කඩා විවෘත කර එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කරන ලෙසට පොලිසියට සහ පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කරනු ලැබීය .

අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් නීතිඥවරුන් වන සරල කරුණාරත්න රංජිත් දිසානායක අශාන් ලක්මාල් හෂානි සෙනරත් නිල්දු ඩයස් යන නීතිඥවරුන් පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ ප්‍රියන්ති ලියනාරච්චි පෙනී උන්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණයට දින 03යි… මධ්‍යම පළාත් ආණ්ඩුකාර තැන නව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් පත් කරගනී…

Next Post

දේශබන්දුගේ පොලිස්පති ධූරය අත් හිටවූ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා ප්‍රකට හිමිවරු 03ක් ගොනු කළ අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසි කර දමයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.