කීර්ති ප්‍රනාන්දු –
මෑත වකවානුවේ මිනුවන්ගොඩ ඉතිහාසයේ එක් වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත දැවැන්ත උද්ඝෝෂණය මිනුවන්ගොඩ නගර මධ්‍යයේ අද (09) පැවැත්විනි.
පොදුජන පෙරමුණේ බලකොටුවක් සේ ප්‍රසන්න රණතුංග යටතේ සංවිධානය වී තිබුණු මිනුවන්ගොඩ මැතිවරණ බලප්‍රදේශය තුළ ඉතිහාසයේ පැන නැගුණු දැවැන්තම විරෝධතාවය ඔහු ප්‍රධාන භූමිකාවක් දරන ඔහුගේ ආණ්ඩුවට එල්ල වී තිබිණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය පූජ්‍ය හැඳලගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම විරෝධාතාවය සංවිධානය විය.

විනාශකාරී ජනාධිපති ප්‍රමුඛ මේ රජය බලයෙන් ඉවත් කිරීම සඳහා පැවැත්වෙන ජන අරගලය ප්‍රාදේශීයව ශක්තිමත් කිරීමට සංවිධානය වූ උද්ඝෝෂණ ව්‍යාපාරයට ප්‍රදේශයේ සෑම මුස්ලිම්, කතෝලික දේවස්ථානයකින්ම ආගමික නායකයෝ එක් වූහ.
බොහෝ පිරිස් පා ගමනින් පැමිණ සිටියේ ස්වකීය දරුවන් ද කරපින්නාගෙනය.
විරෝධාවය පන්දහසකට වඩා වැඩි ජන සහභාගීත්වයකින් මිනුවන්ගොඩ ඔරලෝසු කණුව අසල දී පැවැත්විනි. පුරා පැය 5කට අධික කාලයක් විරෝධතා ව්‍යාපාරය දියත් විය.







