තංගල්ල පොලිස් බල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදු කළ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ අම්බලන්ගොඩ දිල්ශාන්ගේ ගෝලයා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 2023.08.15 වන දින රාත්‍රී 11.45ට දොඩංගොඩ පොලිස් වසමේ දොඩම්ගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොාරටුව ආසන්නයේ දී මෙම වැටලීම සිදුකර ඇත.
එහි දී 2023.08.15 වන දින තංගල්ල පොලිස් බල ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝතනයක් සිදු කිරිමට අදාල වෙඩික්කරුවන් එම ප්‍රදේශයට රැගෙන යෑම සහ වෙඩි තැබීම අවසානයේ වෙඩික්කරුවන් රැගෙන ඒම සදහා ප්‍රවාහන පහසුකම් සැපයූ සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම කරුවකු වන දැනට විදේශ ගතව සිටින අම්බලන්ගොඩ දිල්ශාන් යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන ඈතගම, පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු හෙරොයින් සමග අත්අඩංගුට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.







