මින් ඉදිරියට නවක වදය ලබාදීම සම්බන්ධව ලැබෙන සියලුම පැමිණිලි විමර්ශනය කිරීම පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ.
ඒ අනුව මින් ඉදිරියට නවක වදය සම්බන්ධව පොලිසි වෙත ලැබෙන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පොලිස්පති විසින් දැනුම්වත් කර ඇත.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කමින් පවසන්නේ මේ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයෙන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් නවක වදය දීම සම්බන්ධව ලැබී ඇති පොලිස් පැමිණිලි තුනක් සම්බන්ධව විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් එම ක්‍රියාවලිය ආරම්භ වූ බවය.
ඉහත පැමිණිලිවලට අදාලව අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන අනුව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ඇත.