මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකට පෞද්ගලික බස්රථ ලබා නොදෙන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.
පසුගියදා රටතුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වයට මහින්ද රාජපක්ෂ ම වගකිවයුතු බව අවධාරණයෙන් සදහන් කරන සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ගිනිතැබූ බස්රථ හිමිකරුවන්ගේ දරුපවුල් රැකබලාගන්නේ කවුදැයි ප්‍රශ්න කර සිටී.
අරලියගහ මන්දිරයට පැමිණි බස්රථ සියල්ලම කුලී පදනමත මත ලබා ගත් ඒවා බැවින් බස් රථ ගිනි තැබීමට අමතරව පොලීසිය බලා සිටියදීම කෑලි ගැලවීම අදටත් සිදු කරන බව ගැමුණු විජේරත්න පෙන්වාදෙයි.
ර මේ සිදුවීම් මාලාව දැඩිලෙස හෙලා දකින බව ද හෙතෙම පැවසීය.