පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව පවත්වා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කර තිබේ.
විදේශ කටයුතු ඇමති ලෙස ජී.එල්. පීරිස්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස ඇමති ලෙස ප්‍රසන්න රණතුංග, විදුලිබල හා බලශ ශක්ති ඇමති ලෙස කාංචන විජේසේකර අද පස්වරුවේ දිවුරුම් දුන් පත් වූ අමාත්‍යවරු වෙති.