මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය වශයෙන් නිෂ්පාදනය කළ අටපිරිකර මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්රමුඛ මහා සංඝරත්නයට පූජා කිරීම බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් අද (17) සිදු කරනු ලැබීය.
මැටි පාත්තරය සහ දේශීය අත්යන්ත්‍ර රෙදි වලින් නිමවූ සිවුර සහිත මෙම අටපිරිකර සළුසල මගින් නිෂ්පාදනය කර තිබේ.
පාත්තරය සඳහා යොදාගත් මැටි සෙල්සියස් අංශක 1093 කට රත්කර හොඳින් පදම් කර ඉහළ ප්‍රමිතියකින් යුතුව නිපදවා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.
අනාගතයේදී විදේශ රටවලින් සිවුරු ආනයනය කිරීම වෙනුවට මෙරට නිෂ්පාදිත සිවුරු වෙළඳ පොළට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
.