පසුගිය මැයි 09 දා මීගමුවේ සිට කොළඹට විශේෂ රාජකාරි සඳහා පැමිණෙමින් සිටි පොලිස් අධිකාරී නාලක සේනානායක ට බරපතල ලෙස පහරදී නිල ඇදුම් ගලවා ඔහු ගමන් කරමින් සිටි වාහනයට ද ගිනි තබා රාජකාරි පිස්තෝලය පැහැර ගැනීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාසයකට පසු එම පැහැරගත් ගිනි අවිය සොයාගෙන තිබේ.
ගිනි අවිය හමුවී ඇත්තේ මාළිගාවත්තේ පදිංචි පුද්ගලයෙක් සතුව තිබියදීය. ඔහු 18 හැවරදි වියේ පසුවන්නෙකි
එම පහර කෑමෙන් පසු පොලිස් අධිකාරීවරයා සති දෙකක කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.
මේ වන විටත් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබයි.
.