ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රවී කරුණානායක, පොදු ජන පෙරමුනේ නාමල් රාජපක්ෂ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පී. සත්‍ය ලිංගම් නම් කරමින් අති විශේෂ ගැස්ට් පත්‍රය ප්‍රකාශයට පත් වී තිබේ.
මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ විසින් පක්ෂ ලේකම්වරියගේ අනීතික පත් කිරීමක් සම්බන්ධව මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වා තිබියදී ය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා තමන්ව නම් කරවා ගැනීමට පක්ෂ ලේකම්වරිය පොළඹවාගත් බවටත්, එම නම් කර ගැනීම රවී කරුණානායක විසින් සිදුකරගන්නේ අනෙක් හවුල්කාර පක්ෂවල සේම එක්සත් ජාතික පක්ෂයෙත් විරෝධය තිබියදී බවත් මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.







