නව මැතිවරණ කොමිෂන් සභාවක් ළඟදීම පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මැතිවරණය පැවත්වීමට ඇති නොහැතියාවන් සම්බන්ධයෙන් දීර්ඝ ව කරුණු දක්වන අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කළේ ළඟදීම මැතිවරණ කොමිසමේ සමාජිතයන් අලුතින් පත් කිරීමට කටයුතු කරන බවයි.
මෙතෙක් මැතිවරණයක් ප්‍රකාශයකට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර නැති බව සඳහන් කළ ජනාධිතිවරයා මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබඳව කළ විවේචනාත්මක අදහස් දැක්වීම අතරතුර මන්ත්‍රි දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමේ ප්‍රශ්න පවතින්නේ නම් නව කොමිසමක් පත් නොකරන්නේ මන්දැයි ඇසූ අවස්ථාවේදී වහා පිළිතුරු දෙමින් එම යෝජනාව ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
එහිදී අමාත්‍ය මනූෂ නානායක්කාර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ එම යෝජනාව ස්ථිර කළේය.







