පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව මේ දක්වා රුපියල් ලක්ෂ 5000කට වැඩි මුදලක් මැතිවරණ කොමිසම වැය කර ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරයි.
පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව හෙලි කළේ අද (23) කොළඹ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වනවිට ලක්ෂ පන්දහසකට වැඩි ප්‍රමාණයක් මේ රටේ ජනතාවගේ මුදල් ඔවුන් වියදම් කර තිබුණා. මැතිවරණය පවත්වන්නට නොලැබුණොත් රට ආර්ථික අර්බුදයක තිබෙන මෙහොතක මහජනයාගේ මුදල් මේ ආකාරයෙන් වියදම් කරලා එහි ප්‍රතිඵලය ගන්න බැරිවුනොත් මේ සඳහා දේශපාලන නායකත්වය දීපු ඒ දේශපාලන නායකයො වගකියනව ද? ඒ වගේම මැතිවරණය කඩාකප්පල්වන ආකාරයට කටයුතු කරපු මැතිවරණ කොමිසමේ කටයුතු කඩාකප්පල් කළ රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගන්නව ද?
රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.
https://www.facebook.com/Paffrel.Organization/videos/583310040357413