නුවර යුගයේ ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අනුව පෞරාණික වාස්තු විද්‍යා අසිරියේ ප්‍රකාශනයක් ලෙස නිර්මාණය කර තිබූ විෂ්ණු මහා දේවලය අසල පිහිටි අම්බලම පෙරහර වෙනුවෙන් ගෙන්වා තිබූ ඇතින්නකගේ පහරින් මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ.
මැණික්හින්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් මුතු නැමැති මෙම ඇතින්න අම්බලම ආසන්නයේ රඳවා සිට ඇති බවත්, ඇත්ගොව්වා යම් රාජකාරියක් සඳහා විෂ්ණු මහා දේවාලයේ කාර්යාලයට ගොස් සිටි අවස්ථාවේ, එනම් අද පෙරවරු 9.55ට පමණ ඇතින්න විසින් මෙම අම්බලම් ගොඩනැගිල්ල බිඳ දමා ඇති බවත් පොලිසිය කියයි.
මුතූ ඇතින්න ඉදිරිිපස බිත්තිය හොඬයෙන් තල්ලු කළ විට මුළු ගොඩනැගිල්ලම බිඳ වැටී ගිය ආකාරය ඇසින් දුටුවන් පවසා ඇත.
මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පවලට අනුකූලව නිර්මාණය කළ ආකෘතියක් වූ මෙම ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්ත ප්‍රකාශ කර ඇත්තේ මහනුවර ඇසළ පෙරහර අවසන් වීමෙන් පසු අම්බලම පෙර පැවති තත්ත්වයට ගොඩනගා ඉදෙන බවය.