සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැක්ඩොනල්ඩ් පිපිරීම  රටට කීවේත්  එල්.පී ගෑස්වල  සංයුතිය වෙනස් කිරීමේ බිහිසුණු කමද ?

by editor
නොවැම්බර් 21, 2021 - Updated on නොවැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලිට්රෝ ලාෆ් දෙගොල්ලොම හොර රහසේ ගෑස් සංයුතිය වෙනස් කරලා !

  • ප්‍රමිති ආයතනයට ගෑස් කාන්දු ගැන පැමිණිලි!

  • ජාතික මට්ටමේ විද්‍යාත්මක විමර්ශන අවශ්‍යයි !

කොළඹ තුරඟ තරග පිටියට යාව පිහිටි රීඩ් මාවත ගොඩනැගිල්ලේ පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හල ඊයේ (20) උදෑසන පිපිරී ගියේය.  තරුණයන් දෙදෙනෙකුට සුලු තුවාලද සිදු වූ බව පොලිසිය වාර්තා කළේය. මෙම අනතුරට හේතුව ගෑස් කාන්දුවක් බවට රජයේ රස පරීක්ෂකවරයා කළ  පරීක්ෂණවලදී තහවුරු වූ බව    පොලිසිය කීවේය.

මීට  දින 17කට පමණ  කලින් මාතර වැලිගම ප්‍රදේශයේද හෝටලයක් මේ ආකාරයෙන්ම පිපිරීමකට ලක් වූ අතර එයටද හේතුව වූයේ ගෑස් කාන්දුවකි. එයට අමතරව මහනුවර ප්‍රදේශයේද ගෑස් කාන්දුවක් සිදුව මේ ආකාරයේම පිපිරුමක් සහිත ගින්නක් වාර්තා විය.

වැලිගම ගෑස් ටැංකිය පිපිරීමෙන් සිදුවූ විනාශය

කරලියට පැමිණ යටපත් වූ ඇත්ත

ගෑස් අනතුරු වරින් වර සිදුවුවද මේ පිළිබඳව වැඩිමනත් අවධානයක් යොමුවිය යුත්තේ ළඟ ළඟ එවැනි සිදුවීම් තුනක්ම සිදුවීමය. එය අසාමාන්‍ය තත්ත්වයක් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම හේතුවන කරුණක් මීට මාස කිහිපයකට කලින් කරළියට පැමිණ යටපත් වූයේය.

ඒ කතාව වන්නේ මෙරට දැන් අලෙවි වන එල්.පී ගෑස්වල බාල ප්‍රමිතියයි. එහි පවතින බියුටේන් සහ ප්‍රොපේන් අනුපාත වෙනස් කොට ප්‍රොපේන්  සංයුතිය වැඩි කිරීම හේතුවෙන් ගෘහස්තව ගෑස් සිලින්ඩර භාවිත කරන ජනතාව හමුවේ අනතුරක් නිර්මාණය වී ඇති බව එහිදී අනාවරණය විය.එයට හේතුව ප්‍රොපේන්වල තාපාංකය එනම් ගිනි ගන්නා උෂ්ණත්වය බියුටේන්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩි වීමය. මේ නිසා ප්‍රොපේන් ඉක්මනින් ගිනි ගැන්මට ලක්වන වන අතර සාපේක්ෂ ව ඉක්මනින් දැවී යාමද සිදුවෙයි. මෙය ගෑස් පාව්චිචය වැඩි වීමටද හේතුවක් බවට පසුගිය කාලය තුළ සාධනීය කරුණු ප්‍රමාණයක් සාකච්ඡාවකට බඳුන් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිලින්ඩරයේ බාල ප්‍රමිතිය

එසේම  දැනට පවතින ගෑස් සිලින්ඩරවල වෑල්වයන්හි යම් කන්දු වීමක් සිදුවන්නේ යැයි    ශ්‍රි ලංකා ප්‍රමිති අයතනයට පැමිණිලි ඉදිරිපත් වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කළේය. එසේ වුවද මේ පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රමාණවත් විමර්ශනයක් සිදුවීද යනන් පිළිබඳව පැහැදිලි නැත.

එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයකුව සිට පසුගියදා  සතොසේ සුදු ලූනු හොරකම සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක අනාවරණයකින් පසු    ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන ද තම තනතුරේ සිටියදිම ගෑස් සමාගම් මෙරට එල්.පී ගෑස් සංයුතිය වෙනස් කිරීම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කර තිබුණි.

ඔහු සඳහන් කර තිබුණේ මෙරට පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් ලිට්රෝ මෙන්ම ලාෆ් ගෑස් සමාගමද ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවකින් යුතුව කටයුතු කර ඇති බවය.  ලිට්රෝ සමාගමේ හිටපු සභාපතිවරයාගේ කාලයේ මෙය සිදුව ඇති අතර පාරිභෝගික අධිකාරියේ හෝ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ කිසිදු නිල දැනුම් දීමකින් තොරව හිතුමතේ ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති බව ඔහු කීවේය .ලිට්රෝ ලාෆ් ගෑස් සන්නාම දෙකම ගෑස් සංයුතිය වෙනස් කිරීම පසුපස එම සමාලම්වල යම් එකඟතාවකින් සිදුවූ කරුණක් බවට විශ්වාස කළ හැකිය.

සංයුතියේ වෙනෙස

අප්‍රියෙල් මාසයට කලින් මෙරට අලෙවි කළ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්වල පැවතුණේ බියුටේන් සියයයට 80ක් සහ ප්‍රොපේන් සියයට 20කි. එහෙත් අප්‍රියෙල් මාසයෙන් පසුව ප්‍රොපේන් සියයට 50 -50 මට්ටමට ගෙන විත් ඇත. ඒ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර වාර්තාවකින් තහවුරු කරගෙන ඇත.

එබැවින් මේ කරුණ බැහැර කළ නොහැකිය.   මේ සංයුතිය වෙනස් කිරීමට හේතු නිශ්චිතව දැක්වීමට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් උනන්දු වන්නේ නැත. රටේ බලධාරීන් එවැනි සංයුති වෙනසක් පිළිබඳ   ඔවුන්ගෙන් විමසන්නේද නැත.

මේ පිළිබඳව විමර්ශනාත්මක පුවත් පත් වාර්තාවක් සකසන ඩේලි මිරර් පුවත් පතේ 2021 අගෝස්තු 25 වැනිදා කලාපය සඳහන් කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න   වෙත ඊ මෙල් පණිවිඩයක් යවමින් ලිට්රෝ සමාගම මෙරට කටයුතු සඳහා භාවිත කරන එල්.පී ගෑස් සංයුතියෙහි දැඩි වෙනසක් සිදු කොට ඇති බවය.

ගෑස් සිලින්ඩරය බෝම්බයක් කිරීම

කාර්මික කටයුතුවලදී බහුලව භාවිත වන බියුටේන් ප්‍රතිශතය වැඩි කිරීමෙන් මෙරට ගෘහස්තව භාවිත කර අයට එයින් තර්ජනයක් ඇති වන බවට විශේෂඥයන් සඳහන් කරන බැවින් මේ පිළිබඳව අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරන ලෙස එම ඊ මේල් පනිවිඩය මඟින් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත.

එහිදී ඔවුන් පෙන්වා දී ඇති  කරුණක් වන්නේ ප්‍රොපේන්වල තාපාංකය පහළ අගයක් එනම් සෙල්සියස් අංශක .-42ක් පමණ අගයක් ගන්නා නිසා එය පහසුවෙන් දැල්වීමේ සහ වාෂ්ප වීමෙ හැකියාවක්  පවතින බවය. මෙය ශීත කාලගුණයක් පවතින රටවලට ගැලපුණද ගෘහස්ථ  භාවිතය සඳහා ප්‍රොපේන් ප්‍රතිශතය වැඩිවීම තුළ අනතුරක් පවතින බව එහිදී පෙන්වා දී ඇත.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මෙරට කිසිදු පිළිගත් ප්‍රමිතියක් නැති බැවින් පාරිභෝගික පනත සංශෝධනය කර ප්‍රමිතිගත කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතු බවට අවධාරණය කර ඇත. එසේම ලිට්රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපති තෙෂාර ජයසිංහ ද මේ බව පිළිගෙන ඇත. ඔහු පවසන්නේ මෙරට ගෑස්වල පැවැති සංයුතිය බියුටේන් සියයට 70 – 80 සහ ප්‍රොපේන් සියයට 20 -30 සීමා යටතේ බවය.දැනට සිලින්ඩරවල ගෑස් ගබඩා කළ යුතු ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇතත් ගෑස් සංයුතිය පිළිබඳව කිසිදු සම්මුතියක් නොමැති බවට ලිට්රෝ සභාපතිවරයා පවසයි

මහා විනාශයකට පෙර

අප මෙහිදී අවධානයට ලක් කරන්නේ මෙතෙක් නොසලකා හැර ඇති මෙම ගෑස් සංයුතිය පිළිබඳව ගැටලුව පිළිබඳව වගකිව යුත්තන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවය. ඒ පිළිබඳව විද්‍යාත්මක ප්‍රවේශයකින් අධ්‍ය්‍යනය කළ යුතු බවය. ඊට හේතු කිහිපයක් ඇත. එකක් වන්නේ ගෑස් සංයුතිය වෙනස්වීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව මේ වනවිටත් කතාබහට ලක් වීමය. අනෙක ප්‍රමිති ආයතනයට සිලින්ඩර වෑල්වවල කාන්දුවීම් පිළිබඳව එක පැමිණිල්ලක් හෝ ඉදිරිපත් වීමය. අනෙක මෙම මායේ මුලදී මාතර වැලිගම ප්‍ර දේශයේ හෝටලයක අලුතින් විවෘත කළ ගෑස් සිලින්ඩරයක සැලකිය යුතු ගෑස් ප්‍රමාණයක් දිනක් තුළ කාන්දු වී තිබීමය. එය කාන්දු වූයේ කොතැනින්ද යන්න පිළිබඳව සහ ඇයිද යන්න පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ ඉදිරි අනතුරු වළකා ගැනිමය.

අනෙක සෑම ගෘහයක්ම අවම තරමින් අනතුරු වළකා ගැනීමේ ප්‍රාථමික පියවර වල ගෑස් ලිප් විවෘත කිරීමට පෙර ජනෙල් විවෘත කිරීම නිවසට හොඳ වාතනයක් සැපයීම වැනි කරුණු පිලිබඳව දැඩි සේ දැනුවත් කිරීම අත්‍යවශ්‍යය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිමුත්ගෙන් අර්ධ ශතකයක්… පන්දුව හිසේ වැදී කොදෙව් ආරම්භක පිතිකරු කොළඹ ජාතික රෝහලට…

Next Post

පොහොර දෙනතුරු ගොවීන් එළවළු තොග දෙන්නෙ නෑ… නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය අද සිට වසා දමයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.