අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා පැන්නීමට කුමන්ත්‍රණය කළ සියලු කුමන්ත්‍රණ කරුවන්ට ස්තුතියි… ලේක්හවුස් හිටපු සභාපති ෆේස්බුක් සටහනක් තියයි!

by editor
ජූනි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ- 

ලේක් හවුස් ආයතනයෙන් තමන් ඉවත් කිරීමට සැලසුම් කළ සියලුම කුමන්ත්‍රණකරුවන්ට ස්තුතිය පල කරමින් ලේක් හවුස් හිටපු සභාපති අනූෂ පැල්පිට සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබේ.

ඔහු එම සටහනේ පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටියදි ලේක් හවුස් ආතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම සම්බන්ධව පසුගිය දා රැස් වූ කෝප් කමිටුවේ දී සාකච්ඡා නොවුන කාරණයක් වුවද එම ධූර දෙකෙහිම කටයුතු කිරීම ගැටලුවක් බව දන්වා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් වූ බව හිටපු සභාපතිවරයා දන්වා සිටී.

එම නිවේදනයෙන් තමන්ගේ ඇමතිවරයා කණස්සල්ලට පත් වූ බවත් ඒ කිසියම් ආකාරයක කණස්සල්ල හේතුවෙන් තමන් ඉල්ලා අස්වීමට තිරණය කළ බවත් එම සටහනේ අනුෂ පැල්පිට දක්වා ඇත.

එම සම්පූර්ණ සටහන පහත දැක්වේ.

  • මාස 13ක සේවා කාලයකින් පසු ලේක්හවුස් ආයතනය ලාබදායී ආයතනයක් බවට පත්කර සභාපති ධූරයෙන් සමුගතිමි.
    2022 ජුනි මාසයේදී ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ එවකට ජනාධිපති ගරු ගෝඨාභය ජනාධිපතිතුමා අපට ලබාදුන් අභියෝගය ජය ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය, ජේෂ්ඨ නිලධාරීන්, ඇතුළු සියලු නිලධාරීන්ගෙන් පූර්ණ සහායෙන් අපට හැකි විය.
    ආර්ථිකය බංකොලොත් වී ලේක්හවුස් ආයතනයට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් පැවති අවස්ථාවක ඉතා ඉවසීමෙන් මා කෙරෙහි සහ ඉහළ කළමනාකාරිත්වය කෙරෙහි විශ්වාසය තැබූ ලේක්හවුස් ආයතනයේ සියලුම නිලධාරීන්ට හා වෘත්තිය සමිති නායකයන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරනු කැමැත්තෙමි.
    2022 අගෝස්තු මාසය වන විට රුපියල් මිලියන 296 ක අලාභයක් ලබා තිබූ ආයතනය 2022සැප්තැම්බර් මස සිට අද දක්වා ලාබදායි තත්වයෙන් පවත්වාගෙන යෑමට අපට හැකි විය. ආයතනයෙන් මූල්‍ය විනය පවත්වාගෙන යෑමට පට සහය දුන් අතිරේක සාමාන්‍යධිකාරී virajith boys ඇතුළු සියලුම ගණකාධිකාරිවරුන් ට සහ අභ්‍යන්තර විගණක ට ස්තුතිය පළ කරමි. එමෙන්ම සාමාන්‍ය අධිකාරි සුමිත් කොතලාවල මහතා ටද මාගේ ස්තුතිය පළ කරමි.
    2022 වර්ෂයේ 1298 ක් ව පැවති සේවක සංඛ්‍යාව ස්වේච්ඡා වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කර 972 දක්වා අඩු කිරීමට අපට හැකි විය.
    භාණ්ඩාගාරය යටතේ පාලනය නොවන ආයතනයක් වුවත් අප විසින් භාණ්ඩාගාරයට වරින් වර කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන ගරු ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා මිලියන 300ක මුදලක් ලබාදීමට එකඟ වීමත් තවදුරටත් සේවක සංඛ්‍යාව 850 දක්වා අඩු කිරීමට මෙම මුදල යොදා ගැනීමට භාණ්ඩාගාර එකඟ වීමත් අප ලැබූ ජයග්‍රහණයකි.
    2023 පෙබරවාරි මාසයේ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිර්දේශ මත ගරු ජනාධිපතිතුමා විසින් අප නැවතත් සභාපති ධූරයට පත් කරන ලදී.
    ආයතනයේ ණය මුදල් මිලියන 500 ක පමණ සිට 275 දක්වා අඩු කිරීමටත් බැංකු අයිරාව ශූන්‍ය තත්ත්වයකට පත්කිරීමටත් අපට හැකි විය.
    ආර්ථික අර්බුදය හමුවේ වුව ද සියලු දෙනාගේ කැපවීමෙන් මිලියන 135-150 කට ආසන්න මාසික දැන්වීම් ආදායමක් මාසිකව ලබා ගැනීමට අපට හැකි විය.
    ඒ සඳහා අපට උදව් කළ සියලු ආයතනයන්ට දැන්වීම අංශයේ මහත් කැපවීමෙන් සේවය කරන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී චින්තක යාපා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් අධ්‍යක්ෂ janaka ranatunga මහතාටත් ස්තූති කරමි.
    අලාභ ලබන පුවත්පත් වසා දැමීමටත්, දිනපතා නොමිලේ ලබාදුන් දහසකට වැඩි පුවත්පත් ප්‍රමාණය 300 දක්වා අඩු කිරීමටත්, පුවත්පත් අලෙවිය 30% කින් වැඩිකිරීමටත් daily news පුවත්පත ලංකාවේ පලමු තැනට ගෙන ඒමටත් sunday observer පුවත්පත පළමු තැන ආසන්නයට ගෙන ඒමටත් අපට හැකි විය මේ සඳහා ඉතා කැපවීමෙන් වැඩ කළ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ මා හිතවත් සිසිර පරණ තන්ත්‍රී මහතාට සහ සියලු කර්තෘවරුන්ට හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට අපගේ ස්තුතිය පිරිනමමි. දිවයිනේ සියලුඉංග්‍රීසි පුවත්පත් වල ආදායමෙන් 60% ආසන්න මුදලක් දැන්වීම් ආදායම් ලෙස ලබා ගැනීමටත් සිංහල පුවත්පත් වලින් 48% දැන්වීම් ආදායමක් ලබාගැනීමටත් ට හැකිවිය.
    KPI based performance appraisal system හඳුන්වාදීමටත් එමගින් සේවකයන්ගේ කාර්යක්ෂමතාවය අගය කිරීමටත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. වසර 15කට වැඩි කාලයක් ආයතනයේ ්‍රගතිය වෙනුවෙන් කැපවූ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයන් ස්ථීර කිරීමටත්. එම කාලය වසර 6 දක්වා අඩු කිරීමටත් අපට හැකි විය. මේ සඳහා කැපවීමෙන් වැඩ කළ නීති අධ්‍යක්ෂ ජනක රණතුංග මහතා ඇතුළු මානව සම්පත් අංශය සියලු නිලධාරීන්ට මගේ ස්තූතිය පිරිනමමි.
    ලේක්හවුස් ආයතනයේ සියලු පුවත්පත් වලට අදාල facebook ගිණුම් ඇති කිරීමටත් යූටියුබ් හඳුන්වාදීමටත් අපට හැකි විය. දැනටමත් මසකට මිලියන 5කට වඩා reach ලබාගැනීමට දිනමිණ ෆේස්බුක් අඩවිය සමත් වී ඇත. අනාගතය ඩිජිටල් තාක්ෂණය මත කටයුතු කළ යුතු බැවින් සහ පුවත්පත් කර්මාන්තය මියැදෙන කර්මාන්තයක් ලෙස පෙනී යන බැවින් සියලු පුවත්පත් සඳහා පැවති වෙබ් අඩවි තව දුරටත් ශක්තිමත් කිරීමටත් මාසිකව ආදායම් උපදන ප්‍රභවයක් බවට පත් කිරීමටත් අපට හැකි විය. මේ සඳහා කැපවීමෙන් වැඩ කළ සියලුම නිලධාරීන්ට මගේ ස්තූතිය පිරිනමනු කැමැත්තෙමි.
    E පුවත්පත් සඳහා මුදල් අය කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීමටත් එමගින් සැලකිය යුතු ආදායමක් ලබාගැනීමටත් අපට හැකි විය.
    විකුනුම් අංශය, procurement අංශය, මුදල් අංශය, ගබඩා අංශය, අභ්‍යන්තර විගණන අංශය ඇතුළු අංශ රාශියක් සඳහා procedures manuals සකස් කිරීමට අපට හැකි විය.
    සතිපතා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීමටත් ජේෂ්ඨ නිළධාරීන්ගේ රැස්වීම් පැවැත්වීමටත් එමඟින් ආයතනයේ ්‍රගතිය වෙනුවෙන් කණ්ඩායමක් ලෙස තීරණ ගැනීමටත් අපට හැකි විය.
    ලේක්හවුස් ආයතනයට අහිමි වී තිබූ ඉරිදා පුවත්පත්වල දැන්වීම් ප්‍රමාණය නැවතත් ලඟා කර ගැනීම සඳහා අක්‍රියව පැවති www.adz.lk වෙබ් අඩවිය නැවතත් වර්තමානයට ගැලපෙන අයත් අයුරින් හඳුන්වාදීමට අපට හැකි විය
    ආයතනයේ පැවති අනවශ්‍ය සියලු වියදම් සීමා කිරීමටත් ඇමරිකානු ඩොලර් 400 ක් ව පැවති කඩදාසි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 1200 දී පවා පුවත්පත්වල පිටු සීමා කිරීමකින් තොරව ලේක්හවුස් ආයතනය පත්වා ගෙන යෑමට අපට හැකි විය. වර්තමානයේ දී පවා කඩදාසි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් හත්සීය සීමාවේ පැවතීම පුවත්පත් කර්මාන්තයට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.
    සේවකයන්ගේ සියලු වරප්‍රසාද කප්පාදු නොකරමින් අසීරු කාලයක් තුළ ආයතනය ්‍රගතිය කරා ගෙන යාමට මට සහය ලබාදුන් සියලුම දෙනාට මම නැවතත් ස්තූති කරමි.
    පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදී සාකච්ඡා නොවූ කාරණයක් එනම් මා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලේකම් සහ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම ගැටලුවක් බව ්‍රවෘත්ති නිවේදනය මගින් ප්‍රකාශ කර තිබීම නිසා මේ පිළිබඳව මගේ අමාත්‍යවරයා යම්කිසි ආකාරයක කනස්සල්ලට පත් වීම සැලකිල්ලට ගනිමින් ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වීමට තීරණය කළෙමි.
    නව සභාපතිවරයාට සහ සියලු කාර්ය මණ්ඩලයට අප සකස් කළ මාර්ගයෙහි ඉදිරියට යාමෙන් ලේක්හවුස් ආයතනය ආරක්ෂා කරගෙන සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර ගත හැකි බව මම තරයේ විශ්වාස කරමි.
    ලේක්හවුස් සභාපති ධූරයෙන් මා ඉවත් කිරීමට සැලසුම් සහගතව කුමන්ත්‍රණය කළ සියලු කුමන්ත්‍රණකරුවන්ට මාගේ ස්තුතිය පිරිනමමි.
    ලේක්හවුස් මාතාවට ජය වේවා!!!
    All reactions:

    199Anura Manatunga, Shantha K Herath Artificer and 197 others

    RelatedPosts

    සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

    ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

    ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක බැංකුව ඩොලර් මිලියන 700ක ණය ආධාර මුදලක් අනුමත කරයි!

Next Post

ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකන් එපාවුන හැටි ගුවන් නියමු සංසදය කියයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.