සුමිත් පොතුපිටිය –
කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සැමියාට ලබාදීම සඳහා හෙරෝයින් මත්කුඩු කලිසම් වාටියක සගවාගෙන පැමිණි කාන්තාවක , සිය මාස 7 ක් වයසැති පිරිමි දරුවාගේ භාරකාරත්වයත් සමග කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාද්දුව වේරගම අල්විස් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 36 හැවිරිදි කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් වූ නඩුවකට කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටින සැමියාට ලබාදීමට හෙරෝයින් මත්කුඩු මීලිග්‍රැම් 2500 ක් කොට කලිසමකට වාටියේ සගවාගෙන ඇය පැමිණ සිටියාය.
සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිළධාරීහු පරීක්ෂණ පවත්වති.