රට වසා දමා ඇති සමයේ මත් පැන් අලෙවි කරගත නොහැකි වීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට සිදුව පාඩුව මසකට රුපියල් කෝටි 1,500ක් බැවින් මේ පාඩුව මගහරවා ගැනීමට ඔන් ලයින් ක්‍රමයට හෝ මත් පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කළ යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසයි.
සුරාසල් වසා ඇති නිසා මේ වනවිට අඩුම මිල සාමාන්‍ය මත්පැන් බෝතලයක මිල රුපියල් 4000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ තත්වය තුළ සංචරණ සීමා හෝ ඇඳිරිනීතිය පැනවීමක් සිදු වී ඇති වකවානුවේ මත් පැන් අලෙවිය සඳහා විකල්ප ක්‍රමවේදයක් අපේක්ෂා කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසුවේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ හෝ මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු වන බවය
නෙත්