ඊයේ මාරක අනතුර සිද්ධ වූ නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට තීරණය කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පැවසුවේ අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවය.
ඊයේ සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී 53 දෙනෙක් තුවාල ලැබුවේය. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඇත්තේය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගෙන අධ්‍යාපන චාරිකාවක් ගිය එම බස්රථයේ ගමන් ගත් සිසුන් 41 දෙනෙක් ද තුවාල සහිතව නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.