බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

මරණීය ලේකැටි ඇතිවීම වළක්වන ඖෂධීය ආහාර ගැන ඔබ දැනුම්වත් ද ?.

by editor
ජනවාරි 21, 2023
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

රුධිර කැටිත්තක් කියල කියන්නේ තුවාල වලින් ලේ ගැලීම නැවැත්වීම සඳහා රුධිරය විසින් නිර්මාණය කරනු ලබන එක්තරා විදියක සීල් එකක්. රුධිර වාහිනීවල තුවාල ඇතිවුනාම ඒවා අවහිර කරල ලේ ගැලීම නැවැත්වීමට මෙි ක්‍රියාවලිය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි වැරදි ස්ථානයක රුධිර කැටියක් ඇතිවීම නිසා රුධිර නාලයක් අවහිර වෙලා රුධිර ප්‍රවාහය අවහිර වුවහොත්, ශරීරයේ බලපෑමට ලක් වූ කොටසට පිරිසිදු වාතය නොලැබෙන අතර, එහෙම වුනොත් එම පටකය හෝ ඉන්ද්‍රියය නිසි ලෙස ක්රියා කිරීම අඩාල වෙනවා. ඒ බලපෑමට ලක්වූ ඉන්ද්‍රිය මොළය හදවත හෝ පෙනහලු වුවහොත් අමුතුවෙන් කියන්න ඕන නෑ,… තත්ත්වය අතිශයින්ම අවදානම්.

රුධිර නාල තුළ ඇතිවන ලේ කැටිගැසීම් නිසා ඇතිවන දරුණු සෞඛ්‍ය තත්ත්වයන් කිහිපයක් මෙසේයි.

  • ආඝාතය (Strokes) – අංශභාගය හෝ ක්ෂණික මරණවලට හේතු විය හැකියි.
  • හෘදයාබාධ (Heart attacks)
  • Deep vein thrombosis (DVT) නැමති රෝග තත්ත්වය. – විශේෂයෙන් පාදයක රුධිර වාහිනියක ඇතිවන රුධිර කැටිත්තක් නිසාවෙන් හට ගන්නා බරපතල තත්ත්වයක්.
  • Pulmonary embolism – පෙනහලුවලට රුධිර සපයන ධමනියක රුධිර කැටිත්තක් හිරවීමෙන් ඇතිවන සංකූලතාවයක්

Anticoagulant

ඕනෑම වයස් ඛාණ්ඩයක ඕනෑම පුද්ගලයකු තුළ රුධිර කැටිත්තක් ඇතිවිය හැකි වුවත්, අධික රුධිර පීඩනය අධි කොලස්ටරෝල් තත්ත්වය සහිත උදවිය, පිළිකා රෝගීන් සහ පිළිකා රෝගයට ඖෂධ ලබා ගන්නා රෝගීන්, ශෛලකර්මවලට හෝ අවයව බද්ධ කරීම් කළ රෝගීන්, ගර්භනීභාවය වැඩිකාලයක් රෝහල්ගතව හෝ අසනීපව දීර්ඝ කාලයක් ඇඳ විවෙිකය ලබන රෝගීන් සහ රුධිර කැටි ගැසීමක් ඇතිවූ පවුල් ඉතිහාසයක් සහිත උදවිය වැඩි අවදානමක් සහිත ඇත්තෝ වෙනවා.

මොනවද මෙි රුධිර ප්‍රතිකැටිකාරක ඖෂධ (Anticoagulant medicines) කියන්නේ?

රුධිර ප්‍රතිකැටිකාරක ඖෂධ, පෙර කී රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලියට බාධා කරනවා. ඒවාට සමහර විට ”රුධිර තුනීකාරක” (Blood Thinners) ඖෂධ කියලත් කියනවා. නමුත් ඒවා ඇත්ත වශයෙන්ම රුධිරය තුනී නොකන අතර රුධිර වාහිනී අභ්‍යන්තරයේ රුධිර කැටි ඇතිවීම වළක්වනවා හෝ ඇති වෙමින් තිබෙන රුධිර කැටිත්තක් දිය කර දමනු ලබනවා.
රුධිර කැටි ඇතිවීම වළක්වන ආහාර .
කෙසේ වෙතත් , ඇතැම් ශාකවල තිබෙන රසායනික සංඝඨක සතුවද එවැනි රුධිර ප්‍රතිකැටිකාරක ගුණ පවතින බවට විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. අපේ කුස්සියේ, ගෙවත්තේ සුලභව තිබෙන එවැනි ප්‍රතිකැටිකාරක ඖෂධ ගුණ සහිත ආහාර වර්ග කිහිපයක් මෙසේයි.

ලංකා කුරුදු (Cinnamomum zeylanicum)

cinnamon-

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

රුධිර කැටි ඇතිවීම වැළැක්වීම සඳහා ලබා දෙනු ලබන සුලභ බටහිර ඖෂධයක්වන Warfarin නැමති ඖෂධය මුල් කාලයේ නිස්සාරණය කරගෙන තිබෙන්නේ කුරුදු, වැනිලා වැනි ශාඛවල හමුවන රසායනික සංයෝගයක්වන කෟමරින් වලිනි :(Coumarin) කෟමරින් විශිෂ්ට ස්වභාවික රුධිර ප්‍රතිකැටිකාරකයක්වන අතර, ලොව කෟමරින් වැඩියෙන්ම අන්තර්ගතවන ශාකය ලෙස ශ්‍රී ලංකාවෙි වැවෙන කුරුඳු විද්‍යාඥයින්ගේ සමිභාවනාවට ලක්වෙලා තිබෙනවා.

ඉඟුරු (Zingiber officinale)

ginger

ඉඟුරු කියන්නේ . බොහෝ ඖෂධීය භාවිතයන් සඳහා ලොව පුරා අතීතයේ සිට බහුලව භාවිතා කරනු ලබන ඖෂධයක්. ආහාරමය අතිරේකයක් ලෙස, දියර සාරය / තෙල්, පෙති, කරල් සහ තේ බෑග් ආකාරයෙන් ඉඟුරු භාවිතයට ගැනෙනවා. ඉඟුරු වල තිබෙන වාෂ්පශීලී තෙල් (zingiberene, bisabolene, shogaol, gingerols) සියල්ලම පාහේ පට්ටිකා සමුච්චය වීම වළක්වන බවට වාර්තා වී තිබෙනවා.

ඉඟුරු සාපේක්ෂ ඉහළ මාත්‍රාවක් කිරීටක ධමනි රෝග ඇති රෝගීන්ගේ පට්ටිකා සමුච්චය වීම වළක්වන බව එක් අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. තවත් සිද්ධි වාර්තාවකින් ඉඟුරු රුධිර කැටි ඇතිවීම වළැක්වීමට ලබා දෙනු ලබන Warfarin ඖෂධය ලබා ගන්නා රෝගීන්ගේ රුධිර වහනය වැඩි කරන බව පෙන්වා දී තිබෙනවා.

සුදුළුෑණු (Allium sativum)

සුදුළුණු ලොව වැඩියෙන්ම අලෙවි වන ඖෂධීය කුලුබඩුවලින් එකක් ලෙස වාර්තා වී තිබෙනවා. එය කුලුබඩුවක් , ඖෂධයක් , ආහාරමය අතිරේකයක් ලෙස ජනප්‍රිය වී ඇත්තේ එය සාමාන්‍යයෙන් භාවිතා කරන්නන්ට හෘද වාහිනී රෝගවලින් ආරක්ෂාවීම සඳහා ප්‍රතිලාභ කිහිපයක් ලබා දෙන බවට ඇති විශ්වාසය මත වන අතර, සුදුළුණු සහ එහි නිෂ්පාදනවල එවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ සදහා ඉවහල්වන විවිධ ජෛව ක්‍රියාකාරී සංයෝග කිහිපයක්ම අඩංගු වෙයි.
ඒ අතරින් Alliin/Allicin වැනි සල්ෆර් අඩංගු සංඝටක, රුධිර පට්ටිකා සක්‍රීය කිරීමේ සාධකය, නිෂ්පාදනය සහ/හෝ මුදා හැරීම වළක්වන බව පෙන්නුම්කර තිබෙනවා. සුදුලූණුවල සමහර සංයෝග ප්‍රතිඔක්සිකාරක ලෙසද ක්‍රියා කරන අතර රුධිර වාහිනී තුළ කැල්සියම් සංචලනය වීම අඩු කරනවා. සමස්ථයක් වශයෙන්, සුදුලූනු මගින් රුධිර නාල තුළ පට්ටිකා එකතු වීම වැළැක්වීම සහ රුධිර වහනය වැඩි දියුණු කිරීම සිදු කරන බවට විද්‍යාඥයින් පවසනවා. මෙම කාරණය සනාථ කෙරෙන, මානව මෙන්ම සත්ත්ව අධ්‍යයන පදනම් කරගත් පර්යේෂණ වාර්තා කිහිපයක්ම තිබෙනවා.

කහ (Curcuma longa)

කහ , බොහොම ජනප්‍රිය කුලුබඩුවක් මෙන්ම ඖෂධයක්ද වෙනවා. කහ භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන කරල්, පෙති සහ දියර වැනි විවිධ නිෂ්පාදන වෙළදපොලේ තිබෙනවා . ලංකාවෙි බොහෝ ගෙවතුවල කහ පදුරක් දෙකක් වගා කරගෙන තිබෙනු දැකිය හැකිය. කහවල වාෂ්පශීලී තෙල් වන zingiberene , turmerone සහ curcumin අඩංගු වේ. මෙම වාෂ්පශීලී තෙල් සතු බොහෝ ඖෂධීය ගුණාංග අනාවරණය කරගෙන තිබෙන අතර, ප්‍රති-පට්ටිකා ගුණයද ඉන් එකකි. ඒ අනුව කහ රුධිර ප්‍රතිකැටිකාරක ගුණ සහිත ඖෂධයක් ද වන බවට පර්යේෂකයින් යෝජනා කරයි.
තවත් මෙවැනි රුධිර ප්‍රතිකැටිකාරක ගුණ සහිත ආහාර ලෙස උලුහාල්, දිගැටි සිහින් මිරිස් (වැරණිය මිරිස්), කෝමාරිකා, අන්නාසි, බුලු, ග්‍රීන් තේ , කප්පරවල්ලිය වැනි ශාක සහ ආහාර වර්ගද වෙයි.

මෙම ආහාර සහ කුලුබඩු වර්ග භාවිතයේ අවදානම් සාධක.

මෙි ආහාර සහ කුලුබඩු වර්ග පිළිබදව සිදු කර තිබෙන අධ්‍යයනවලට අනුව සාමාන්‍යයෙන් මිනිසුන්ට සාධාරණ ප්‍රමාණවලින් රුධිරය තුනී කිරීමේ, කැටි ගැසීම වළක්වන ගුණ ඇති ආහාර ආරක්ෂිතව පරිභෝජනය කළ හැකියි. එහෙත් ඉහත දැක්වූ බොහෝ ස්වාභාවික ආහාර සහ කුලුබඩු වර්ග රුධිර කැටි ඇතිවීම යම් ප්‍රමාණයකට අඩු කළ ද ඒවා රුධිරය තුනී කරන ඖෂධ තරම් ඵලදායී නොවිය හැකියි. (තවදුරටත් පර්යේෂණ අවශ්‍යව ඇත.) එබැවින් රුධිර කැටි ගැසීමේ අවදානමක් සහිත පුද්ගලයින් තමන් ලබා ගන්නා ඖෂධ වෙනුවට මෙම ආහාර භාවිතා කිරීම නොකළ යුතුයි.

අනෙක් අතට, ඉහත කී සමහර ශාකමය ද්‍රව්‍ය සහ ආහාර රුධිරය ඕනෑවට වඩා තුනී කළ හැකි යි. විශේෂයෙන් රෝගීන් ඒවා රුධිර ප්‍රතිකැටිකාරක ඖෂධ සමඟ භාවිතා කරන විට අවදානම් සහගත විය හැකියි. එවිට රුධිර වහනය වීමේ අවදානම වැඩි කළ හැකියි.
එබැවින් රුධිරය තුනී කරන ප්‍රතිකැටිකාරක ඖෂධ සමඟ මෙම ආහාර වර්ග සමහරක් නොගත යුතු බව සලකන්න.. ඖෂධීය අතිරේකවල මෙන්ම ඖෂධවල අහිතකර බලපෑම්වල බරපතලකම භාවිතා කරන ඖෂධවල මාත්‍රාව වර්ගය සහ පරිශීලකයාගේ සංවේදීතාව වැනි විවිධ සාධක මත රඳා පවතින බැවින්, එවැනි බලපෑම් ඇති බවට සැක කරන ඕනෑම ආහාරයක් භාවිතා කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව අවදාරණය කළ යුතුව තිබෙනවා..

කෙසේ වුවත් රෝහල්වල සහ ෆාමසිවල සමහර ඖෂධ වර්ග හිඟයැයි පැවසෙන, එමෙන්ම ෆාමසිවල ඖෂධ වර්ගවල මිළ ගණන් වැඩි යැයි පැවසෙන කාල වකවානුවක ජීවිත අවදානමක් ද සහිත පෙර කී රෝගාබාධවලින් වැලකී පරස්සම්වෙලා ඉන්න එක මේ දවස්වල බොහොම වටිනවා.

ඒ නිසා ආහාරය ඖෂධයම වන බවට ග්‍රීසියේ විසූ හිපොක්‍රටිස් මීට බොහෝ කලකට පෙර පවසා තිබූ කාරණාව තුළ ඇත්තේ සුලුපටු ගැඹුරක් නොවන බව විශේෂයෙන් කියන්නට ඕනෑ.

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6459456/

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරික්ෂක -දෙහිවල ගල්කිස්ස මහා නගරසභාව

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරක අනතුර සිදුවූ නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගය බර වහාහනවලට තහනම් කරයි…

Next Post

බිත්තර නැතිනම් කරවල මාලු කන්නලු… සත්ත්ව නිෂ්පාදන දෙපාරත්මේන්තු ලොකුම පුටුව බිත්තර මාෆියාවේ රූකඩයක් වූ හැටි කෝප් කමිටුව කියයි!

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.