බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් සමුළුවේදී චීනය අපට! ඉන්දියාව මැද පිළිවෙතක ?

by editor
පෙබරවාරි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ 46 වැනිදා මානව හිමිකම් සමුළුවේ වාර්ෂික සමුළුවට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් විසින් ගෙන එනු ලැබ ඇති මානව හිමිකම් සම්බන්ධ යෝජනාවලිය හමුවේ චීනය ශ්‍රි ලංකාවට පක්ෂවත් ඉන්දියාව ශ්‍රි ලංකාවට විරුද්ධව ඡන්දය දීම වෙනුවට හෝ බොහෝ විට නිහඬව සිටීමට ඉඩ  ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිටත් මෙම දෙරට මානව හිමිකම් සැසියේදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ මත මෙසේ නිගමනය කිරීමට සිදුව ඇති බව රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි.    ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මේ වනවිට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් යෝජනාවලිය කිසිදු පදනමක් රහිත පැහැදිළි සාක්ෂි සාධක නොමැති වාර්තාවක් බව   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී අදහස් දැක්වූ චීනයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත චෙන් සූ පෙරේදා එම සමුළුවට ප්‍රකාශයක් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබ වාර්තාව පිළිබඳව අදහසක් දක්වමින් තම මිත්‍ර ජාතියක් වශයෙන් ශ්‍රි ලංකාව මානව හිමිකම්වලට ගරු කරන රටක් ලෙසත් ඉදිරියේදීත් වාර්ගික සයෝගිතාව රකිමින් එකමුතුකමින් යුතුව තම රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොතතු වන බවත් චීනය නියෝජනය  කරමින් ඒ   ඔහු සඳහන් කළේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තමන් සහය පළ කරන බවය. චීනය සුපුරුදු ලෙස මානව හිමිකම් නාමයෙන් රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට වෙනත්  ජාතීන්ගේ ඇඟිලි ගැසීම් බලවත් සේ ප්‍රතික්ෂේප කරන අතරම දේශපාලනීකරණය මත මානව හිමිකම් සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට තරයේ විරුද්ධ මතයක සිටින බවද පැවසීය.

කෙසේ වුවද    මෙම සමුළුවේ දී ශ්‍රි ලංකාව සම්බන්ධදයෙන් ඉදිරිපත්වන යෝජනාවලියට එරෙහිවන ලෙසට නිල වශයෙන් ඉල්ලීමක් කළද තවමත් නරේන්ද්‍ර මෝදි රජය ඊට නිසි ප්‍රතිචාර දක්වා නැත. බොහෝ විට 2014 වසරේදී මෙන්ම මෙවරද මෝදි රජය ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවලිය පිළිබඳව ඡන්ද විමසීමේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව කළ එක් ඉඟියක් වූයේ පසුගියදා මානව හිමිකම් සමුළුවේදී ජිනීවා හි නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මානි පාන්ඩේ විසින් කරන ලද ප්‍රකාශයයි. එහිදී   ශ්‍රි ලංකාවේ එක්සත් බව සහ කලාපීය සහයොගීතාව වෙනුවෙන් ඉන්දීයාව සහය වන බව සඳහන් කළ ද ශ්‍රි ලංකාව එරට දමිල ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් මීට වඩා කැප විය යුතු බව පෙන්වා දුන්නාය.    මානව හිමිකම් කොමිසමේ දී අදහස් දක්වමින් ජිනීවා නුවර ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මානි පාන්ඩේ වැඩි දුරටත්  ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලාංකික දෙමළ ජනතාවගේ මානව හිමිකම්, අභිලාශයන්, සමාජ සාධාරණත්වය යුක්තිය ඉටු කිරීම සඳහා රජය පියවර ගත යුතු  බවය. එමෙන්ම එහිදී ඇය සුපුරුදු පරිදි ඉන්දීය මතය අවධාරණය කරමින් සඳහන් කළේ ඉන්දියාව මැදිහත් වීමෙන් සංශෝධනය කෙරුණු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවය.

සමුලුවේ දී  ශ්‍රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල්  කිහිපයක් මෙසේය.

රුසියාව, චීනය, ඉරානය, පාකිස්තානය, වියට්නාමය, කියුබාව, පිලිපීනය, සිරියාව, ඊජිප්තුව, මාලදිවයින
නේපාලය,කාම්බෝජය, ලාඕසය,   නිකරගුවාව, එරිත්‍රියාව, අසර්බයිජානය, බෙලාරුස්, ගැබොන්,

මහ කොමසාරිස්වරියගේ යෝජනාවට පක්ෂ වූ රටවල් කිහිපයක් මෙසේය.

ඇමරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය, කැනඩාව, නෝර්වේ, ප‍්‍රංශය, ස්විට්සරලන්තය, බෙල්ජියම, අයර්ලන්තය, මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05 . ආසාදිතයන් 487 යි..

Next Post

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ගැහැණියක් හා පිරිමියෙක් අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.