අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් රජයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
නවදගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක්, නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්, මහනුවර ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙක්, වේයන්ගොඩ ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබිණි. වේයන්ගොඩ පුද්ගලයා කොවිඩ් ආසාදනය වන්නේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දීය.
එමෙන් අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 487ක් සොයා ගැනුණි. ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බව රජය කීවේය.
කොවිඩ් දෙවන රැල්ලෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 78314 කි.
රජය මේ පිළිබඳ පල කර ඇති සියලුම නිවේදන පහත දැක්වේ.