බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් කොමිසමේ අනවශ්‍ය ප්‍රශ්න ආවේ 20 වැනි සංශෝධනය නිසයි

කරූ ජයසූරිය කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2021
in පුවත්
Karu Jayasuriya
Share on FacebookShare on Twitter

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සාසිවාරය ශ්‍රි ලංකාවට එරෙහි අනවශ්‍ය චෝදනාවලට ලක් වීමට පමණක් පසුගියදා රජය විසින් සම්මත කර ගන්නා ද 20 වැනි සංශෝධනය උදව් වී ඇති බව හිටපු කථනායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මෙම 20 වනි සංශෝධනයෙන් මේ වනතෙක් රට වෙනුවෙන් කිසිදු වැදගත් දෙයක් කිරීමට නොහැකි වූ අතර නීති සම්පාදනය කරන ආයතනය පුරන් කුඹුරක් බවට පත්වීම සහ මහජන නියෝජිතයන් පඹයන් බවට පත්විම පමණක් ඊට අමතරව සිදුව ඇති වය.

එහදිී තවදුරටත් අදහස් දැක්වූ කරූ ජයසුරිය මහතා සඳහන් කළේ එක් පුද්ගලයකු වටා අසිමිති බලයක් ලබා දුන් 20 වැදි සංහෝදනයෙන් රටට මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් අත්පත් කර ගත නොහැකි වූ බවය.

කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීමට අඩුම තරමින් ජීනීවා මානව හිමිකම් කොමිසමෙන් අපේ රටට එල්ල වන කිසිදු අභියෝගයක් හමුවේ හෝ මේ අසීමිත බලයෙන් කළ හැකි දෙයක් තිබේදැයි ප්‍රශ්න කළ අතර ඔහු පවසන්නේ එමගින් තවදුරටත් රට අවුලකට පත් වූ බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා,

“ශ්‍රි ලාංකිකයකු වශයෙන් අපි අද කතා කරන්නේ බලවත් සිත් වේදනාවකින්. අද අපේ මවුබිම අවුල් වූ නූල් බෝලයක් වගේ හැම අතකින්ම පටලවලා. එක් අතකින් කොවිඩ් වසංගතය නිසා ජනතාව මහා පීඩනයකට ලක්වෙලා තිබෙනවා. ආර්ථිකය විශාල කඩා වැටීමකට පත්වෙලා. ජීවන වියදම බලවත් ලෙස ඉහළ යෑම නිසා ජනතාව නොකා නොබී ජීවත් වන තත්වයකට පත්වෙලා. තුන්වේල නොකන පවුල් බොහෝ ගණනක් අද මේ රටේ ඉන්නවා.

එක පැත්තකින් මේ විදිහට රට පටලවාගෙන තියෙද්දී තවත් අතකින් ලෝකයේ බලවත් රටවල් කිහිපයක් ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සම්බාධක පැනවීම් ගැනද කතා කරනවා. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට මුහුණ දුන් අපි එහි බැරෑරුම්කම හා එයින් ඇතිවූ ජීවිත හා සම්පත් විනාශය හොඳින් වටහාගෙන තිබෙනවා. ඒ වගේම ලෝකය කියන්නේ අපේ රට පමණක්ම නොවන බව තේරුම් ගතයුතුව තිබෙනවා.

එහිදී බ්‍රිතාන්‍යය,ජර්මනිය,කැනඩාව ඇතුළු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකාරී වන කණ්ඩායමට අයත් රටවල් කිහිපයක් විසින් ශ්‍රි ලංකාව පිළිබද කරන්නා වූ යෝජනාවක ප්‍රථම කෙටුම්පත පසුගිය ප්‍ර කාශයට පත්කර තිබෙනවා.

වාර්තා වන අන්දමට මෙම යෝජනාව පිළිබදව මාර්තු මස 01 වන දින සාකච්ජා කිරීමට නියමිතයි.එයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සියලුම රටවලට ආරාධනා කෙරෙන බවද සඳහන් වෙනවා.

මෙම යෝජනාවේ සමස්තය පිළිබදව සලකා බැලුවහොත් එහි ඇතුළත් පූර්විකා ජේදයන් පිළිබදව ගැටලුවක් නොමැති බවක් පෙනී යනවා. ඒ මගින් ශ්‍රි ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, සමගිය හා භෞමික අඛණ්ඩතාවය පිළිබදව වන එම රටවල කැපවීම යළිත් තහවුරු කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පවත්වා ඇති බවද පිළිගෙන තිබෙනවා.
එහෙත් අදාළ යෝජනාවේ ඇතුලත් ක්‍රියාකාරිත්ව ජේදයන් පිළිබදව සැලකීමේදී අප රට හමුවේ බලවත් අභියෝගාත්මක තත්ත්වයක්ද දක්නට තිබෙනවා. අප රටක් ලෙස ඒ පිළිබදව බලවත් ලෙස අවධානය යොමු කළ යුතුයි.
එහිදී රජය ඉතා බුද්ධිමත්ව එමෙන්ම පරිණත රාජ්‍යතාන්ත්‍රික ඥානයෙන් යුතුව මෙන්ම අවංකව රට වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියට ගරු කරන හා ඒ වෙනුවෙන් බැඳී සිටින රටක් ලෙස මෙන්ම ශ්‍රි ලංකාව රටක් ලෙස අතීතයේදී තහවුරු කරගෙන පැවැති ජාත්‍යන්තර ගෞරවය හා කීර්තිය ආරක්ෂා වන ආකාරයට එහිදී ක්‍රියා කළ යුතුව තිබෙනවා.

එසේ කටයුතු නොකරමින් අප මේ ප්‍රශ්නය තවත් අවුල් කරගතහොත්: ඒ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් දැඩි තීරණයකට යොමු වුවහොත්, එයින් පීඩාවට පත්වනු ඇත්තේ මේ රටේ පාලකයන් හෝ දේශපාලකයන් නොවේ. අසරණ ජනතාවයි. එබැවින් සෑම පාර්ශවයක්ම සාකච්ජාවෙන් හා සම්මුතියෙන් යුතුව මෙම ගැටලුව නිරාකරණය කරගැනීමට කටයුතු කරනු ඇතියි අප අපේක්ෂා කරනවා. එය එසේ වුවහොත් එය අපට මානසික වශයෙන්විශාල සහනයක් වෙනවා.
රට හමුවේ ඇති අභියෝගය සියල්ලන්ම තේරුම්ගත යුතුව ඇති නිසයි.
මෙවැනි අවස්ථාවක මුලු දේශයම එක්සත් වියයුතුයි. සමඟිසම්පන්න වියයුතුයි. එහෙත් සත්‍ය තත්ත්වය එය නොවෙයි. අද අපි විවිධ කරුණු මත බෙදී සිටින ජාතියක්. 20 වැනි සංශෝධනය ගෙන ඒම තුළ අද රටේ විශාල අවුලක් ඇති වී තිබෙනවා. මහා සංඝරත්නය ඇතුලු අන්‍ය ආගමික ප්‍රජාවේ අති බහුතරයක් මෙන්ම සමාජයේ වැඩි කොටසකින්ම 20 වැනි සංශෝධනය ගැන ඇත්තේ විරෝධයක් හා පිළිකුලක්.

මා මෙහිදී 20 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයන්ගෙන් එක් දෙයක් විමසීමට කැමතියි. එනම් 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු වෙත අසීමාන්තික බලතල ලබාගනිමින්ඔවුන් රටට ලබාදෙන්නේ යැයි කියූ ජයග්රිහන කිසිවක් හෝ ලබාදී තිබෙනවාද යන්නයි. ඇත්තටම 20 වන සංශෝධන හේතුවෙන් රට ලබාගෙන ඇති ජයග්‍රහණයක් තිබෙනවා ද? රටේ ජනතාවගේ අයිතිවාසිකම් ඒ මඟින් තහවුරු වුණා ද? රට මුහුණ දෙන ආර්ථික අර්බුදය ජය ගන්නට 20 වන සංශෝධනය පිටුවහලක් වී තිබෙනවා ද? කොවිඩ් වසංගතය මර්දනය කරන්න ඒ මඟින් ලබාගෙන ඇති පිටු බලය කුමක් ද? රටේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න එහෙම නැත්නම් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්න ඒ මඟින් පුළුවන් වුණා ද? වෙන දෙයක් තබා ජීනිවා අභියෝගයට මුහුණ දෙන්න 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙක් ලබාගත් අසීමාන්තික බලයට හැකියාවක් තිබෙනවා ද?

නමුත් 20 වන සංශෝධනය මඟින් ඒ සියල්ලම ආපසු හරවා තිබෙනවා. රටේ නීති සම්පාදනය කරන ආයතනය පුරන් වූ කුඹුරක් කරමින් මහජන නියෝජිතයන් ඒ වටා සිටුවා තබන පඹයන් බවට පත්කර තිබෙනවා. අධිකරණය පත්කර ඇති තත්වය ගැන මා මෙහිදී අමුතුවෙන් කිව යුතුව තිබෙනවා ද?, රටේ ආර්ථිකය ඉතිහාසයේ අන් කිසිදු යුගයක දකින්නට නොතිබූ ආකාරයට ප්‍රපාතයකට ඇදවැටෙමින් තිබෙන ආකාරයක් දකින්නට තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගත්විටද අද අපේ රට බොහෝ ගෞරවනීය මිතුරන් අහිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ලෝකය තුළ හුදකලා වෙමින් පවතින රටක් බවට පත්කරමින් තිබෙනවා.
ඊට අමතරව මුස්ලිම් ප්‍රජාවගේ පාරම්පරික චාරිත්‍රවලට බාධා කරමින් භූමදානයට ඉඩ නොදෙන ලෝකයේ එකම රට වශයෙන් අපේ රටට ලෝක මුස්ලිම් රටවලින් හා ජනතාවගේ විරෝධය දැඩි ලෙස එල්ලවී තිබෙනවා.

වාර්තා වන පරිදි විශේෂඥ කමිටුව පවා මේ ගැන සුබවාදී ආකල්පයක් දැරුවත්, ගරු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සභා ගර්භය තුල ප්‍රසිද්ධ ප්‍රකාශ කලත්, රාජ්‍ය අමාත්‍යවරියක් හා මන්ත්‍රීවරියක් කළ ප්‍රකාශ හේතුවෙන් ගරු අග්‍රාමාත්‍යවරයා මෙන්ම පාර්ලිමේන්තුව ද හෑල්ලු කර තිබෙනවා. එය රජයේ තීරණ ගැනීමේ ශක්තිය පෙන්නුම් කරන්නක් එමෙන්ම කීර්ති නාමයට කරගන්නා ලද විශාල හානියක්. මේවා බලධාරීන්ගේ අවධානයට ලක්වියයුතු කරුණු වෙනවා.භූමිදානය ගැන රජයට ස්ථිර තීරණයක් ගත හැකියි.
එමෙන්ම 20 වැනි සංශෝධනය නිසා ඇතිවු මහා විනාශය තවත් මහා විනාශයක ආරම්භයක් වෙන්නත් පුළුවන්. ඉහත සඳහන් කරුණු දෙකම ජිනීවා යෝජනාවලට ඇතුලත් වි තිබීම මඟින් ඒ බව පෙනෙනවා. මේ සිද්ධීන් ඇති වුනේ වර්තමාන පාලනය තුළ, එම නිසා ඒ කරුණු දැඩි අධ්යඳයනයට ලක්කිරීම මේ අවස්ථාවේ ගතහැකි බුද්ධිමත් පියවරක් ලෙස අපි දකිනවා.

නමුත් කණගාටුවට කරුණ වන්නේ රට වෙලාගෙන ඇති එවැනි ගිනි නිවනවා වෙනුවට බලලෝභයෙන් මත් වුණ කිහිපදෙනෙක් එයින් ගිනි තපිමින් ඒ ගින්දර තව තවත් අවුලවන ආකාරයක්ද දකින්නට තිබීමයි. තමන්ගේ කඳවුරට හා කල්ලියට අයත් නොවන වෙනස් මත දරන්නා වූ දේශපලඥයන් දඩයම් කිරීම සඳහා ඔවුන් දක්වන උනන්දුව හා අපේක්ෂාව සලකා බලන විට ඒ බව තේරුම් ගන්න පුළුවන්.

උපාලි අබේරත්න කොමිෂන් වාර්තාව අපි දකින්නේ අධිකරණයට කරන ලද දරුණුතම අපරාධය හා අපහාසය ලෙසයි. ලෝකය දකින්නේ මෙය මහා විහිලුවක් ලෙසයි. බලයට ගිජු රජයේ කිහිපදෙනෙකුට අවශ්‍යව ඇත්තේ විපක්ෂයේ කොන්ද කඩා විරුද්ධ මතධාරීන්ගේ ප්‍රජා අයිතිය අහිමිකරමින් මේ රටේ සදාකාලික ඒකාධිපති ආණ්ඩුවක් ඇති කිරීමටයි.

මෑත වකවානුවේදී දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකා අධිකරණය ලබාගත් දැවැන්ත පිළිගැනීමට හා ගෞරවයට උපාලි අබේරත්න නිර්දේශ තුළින් සිදුකර ඇත්තේ දැවැන්ත හානියක්. මේ තත්වය පිළිබදව අප තුළ බලවත් වේදනාවක් ඇතිකර තිබෙනවා. මෙම තත්වය තුළත් අපේ අධිකරණය කෙරෙහි බලවත් විශ්වාසයකින් යුතුව අප කටයුතු කරන බව මෙහිදී වගකීමකින් යුතුව සඳහන් කරනවා. අප අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම විශ්වාසය තවදුරටත් තහවුරු කරන ලෙසයි.

ඒ අනුව අද වනවිට මේ රට විනාශය කරා රැගෙන යමින් සිටින බලලෝභි කිහිපදෙනාට අපි කියන්නේ 3/2 උදම් වෙන්න එපා. මේ අවාසනාවන්ත අවස්ථාවේ රටට ගිනි තියන්න එපා.
අපි මේ අදහස් පලකරන්නේ රටට ආදරය කරන, මේ රටේ මිහිදන් වන්න බලාපොරොත්තු වන පුද්ගලයින් වශයෙන් ගෞරවනීය සෝභිත හිමිපාණන් පැතූ යුක්තිගරුක නීතිගරුක සාදාචාරසම්පන්න රටක් බිහිකිරීමේ උදාර පරමාර්ථයෙන්. එය සාර්ථක වනු දැක්ම අප සංවිධානයේ ඒකායන පරමාර්ථය යි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මෙරට ස්වාධීන කොමිෂන් සභාවලටත් බලපෑම් එල්ල වෙලා”- මානව හිමිකම් මහකොමසාරිස්වරියගෙන් චෝදනා

Next Post

ලංකාවට ආපු ඉම්රාන් ඛාන් අර්ජුන රණතුංගට පනිවිඩයක් දෙමින් කළ ධෛර්යවන්තභාවයේ කතාව

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.