අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මාධ්‍ය නාළිකා ගැන මම නීතීඥයන් ගෙන්වා කතා කළ බව ඇත්ත” – කෙහෙලිය මහනුවර දී කියයි

by Lanka Sara Editor
ජූලි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍ය නිදහස වැරදි ලෙස අර්ථකතනය කරමින් රටේ නීතිමය රාමුවට පිටින් ගොස් මාධ්‍ය මුදලාලිලාට අවශ්‍යය ලෙස තක්කඩි වැඩ කරන්නට ඉඩදිය නොහැකි බවත් එවැනක් සඳහා කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් පවතින නීතිමය රාමුව යටතේ අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය,සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මාධ්‍ය නිදහස හා නීතීය පටවලා නොගත යුතු බවත් කිසිවෙකුත් වල්බූරු නිදහසක් බලාපොරොත්තු නොවිය යුතු බවත් ඒ මහතා කීය. මහනුවරදී ඊයේ (10) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේද පැවසුවේය.

“කිසිම මාධ්‍ය ආයකනයක විකාශන බලපත්‍රය අත්හිටුවීමේ තීරණයක රජය නැහැ.ඒක සම්පූර්ණ වැරදි කතාවක්.පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක වරයා මේ සම්බන්ධව කතා කළා.ඒ සම්බන්ධව දැනුම්දීමක් කරලා තිබුණේ නැහැ.එතුමා කළේ මාර්කටිං වැඩක්.ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක් අහන්න තිබෙනවා කියලා දැනුම් දෙන්න තිබුණා.පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම හැම ඇමැතිවරයෙක්ම මන්ත්‍රීවරයෙක්ම ඉන්නේ නැහැ.වෙනත් හදිසි වැඩ තිබෙනවා.ඒවා අතරතුර පාර්ලිමේන්තු කටයුතු වලට සම්බන්ධ වෙනවා.එහෙම නැති වෙලාවක ප්‍රශ්නයක් අහපු එක පාළු අම්බලමක වළං බිඳිනවා වගේ වැඩක්.සම්පූර්ණ බොරුවක් කළේ.රහසිගතව නීතීඥවරුන් ගෙනල්ලා සාකච්ඡා කළා කිව්වා.මම නීතීඥවරු ගෙනාවේ රහසිගතව නෙවෙයි එළිපිටයි. යම් නාළිකාවක් රාමුවෙන් පිට කටයතු කරනවා නම් අපි කැලෑ නීතිය ක්‍රියාත්මක කරලා ඒක නවත්වන්න සූදානම් නැහැ.පාතලයේ මැර පිරිසක් ගෙනල්ලා සාකච්ඡා කළා නම් ඔය කියන බෝම්බ,ක්ලෝමෝ ගැහිලි ගැන කියන්න තිබුණා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලංකාවේ ඉන්න ප්‍රබලතම නීතීඥවරු කිහිප දෙනෙක් මම ගෙන්නුවා.නීතිමය රාමුවෙන් පිට කටයුතු කරන යම් යම් නාළිකා සම්බන්ධව යම් පියවරක් ගන්න අවශ්‍යය නීතිමය උපදෙස් දෙන්න කියලා මම ඒ අයට කිව්වා.ඒක තමයි කරන්න පුළුවන් සාධාරණම හා නීතිගරුකම වැඩපිළිවෙළ.ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීමට සිද්ධ වෙනවා නම් අපි ඒක කරනවා.මාධ්‍ය නිදහස හා නීතිය පටලවා නොගත යුතුයි.වල්බූරු නිදහසක් බලාපොරොත්තු වෙන්න එපා.එවැනි නිදහසක් ලෝකයේ කොහේවක් දීලා නැහැ.නීති රාමුව තුළ සියල්ල සිදුවිය යුතුයි.ඒ නිසා තමයි මම නීතීඥවරු ගෙනල්ලා සාකච්ඡා කළේ.මම කියන්නේ එක නාළිකාවක් සම්බන්ධව නොවෙයි. මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පියවර ගැනීමට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි විස්තරයක් අපට දීලා තිබෙනවා.යම් නාළිකාවක් නීතිමය රාමුවෙන් බැහර වෙනවා නම් නීතිය ආරක්ෂා කිරීමේ වගකීම අපට තිබෙනවා.මාධ්‍ය නිදහස රටේ මූලික රාමුවට යටත් විය යුතුයි.රටේ මූලික නීතිය ව්‍යවසථාවයි.ඒක පාවිච්චි කරමින් මුදලාලිට ඕන විදිහට තක්කඩි වැඩ කරනවා නම් නම් ඒ වෙනුවෙන් නීතිමය රාමුව තුළ ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු පැකිලීමක් නැහැ.නීතියේ රාමුව තුළ යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ ගැන සොයා බැලීමේ වගකීම මාධ්‍ය ඇමැතියරයා ලෙස මට තිබෙනවා”

Tags: නවතම
Share69Tweet43
Previous Post

15 වියැති දැරියගේ සිද්ධියට විශ්‍රාමික බැංකු මැනේජර්වරයෙක් හා පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට

Next Post

ඇඳුම් මාරුකරන වෛද්‍යවරියන්ගේ ඡායාරූප ගත් වෛද්‍යවරයෙක් රාගමදී අත්අඩංගුවට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.