අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය සහ අයුධ සොරකම්කර විකිණූ අධිකරණ නිලධාරීන් 03ක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
MC-court-mathara
Share on FacebookShare on Twitter

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය සහ අයුධ සොරකම් කර විකිණීමේ ජාවාරමක්  සම්බන්ධව පුද්ගලයින් 05 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබේ.

විශේෂත්වය වන්නේ මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනාගෙන් තුන් දෙනෙක්  මාතර මහේස්ත්‍රාත් අධිකරණයේම සේවය කරන තරුණ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් විමය. අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් ගොවියෙකි. පස්වැනියා ධීවර බෝට්ටු හිමිකරුවෙකි.

මෙම ජාවාරම හෙළිදරව් වන්නේ මෙසේය.

පසගිය ජූලි මස 12 වැනිදා මාතර අධිකරණ රෙජිස්ට්‍රාවරිය විසින් මාතර පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනුකරමින්  අධිකරණ නඩු භාණ්ඩ ගබාඩවේ තිබුණු හොරොයින් පාර්සල් දෙකක් අතුරුදහන් වී ඇති බවට  මාතර පොලිසියට පැමිණිල්ලක් කරන්නීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඒ සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලිසිය විසින් නොවැම්බර් 23 වැනිදා අධිකරණයේ සේවය කරන බහු කාර්ය නිලධාරීන් දෙදෙනෙක් අත් අඩංගුවට ගන්නේය. එම එක් නිලධාරියෙකුගේ වයස අවුරුදු 21කි. අනෙක් නිලධාරියා අවුරුදු 29කි.

මේ පුද්ගලයින්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී හෙරොයින් ජාවාරම සිදුකළ ආකාරය හෙළිවනවා පමණක් නොව නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ආයුධ සොරකමක් සම්බන්ධවත් හෙළි වන්නේය.

ආයුධ සොරකම සම්බන්ධව නිමිත්ත මතුවන්නේ පසුගිය අගෝස්තු මස 17 වැනිදා මාතර දික්වැල්ලේ කළ වෙඩි තැබීමක දී වෙඩි තැබීමට භාවිතා කළ ටී. 56 ගිනි අවිය හමුවීමත් සමගය. අවිය අගොස්තු 18 වැනිදා විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන කළ විමර්ශනයක දී එහි අනු අංකය ප්‍රකාරව එය පොලිසිය සතු ගිනි අවියක් බව හෙළි විය.

විමර්ශනවලදී එම ගිනි අවිය නඩු කටයුත්තක් සඳහා මාතර අධිකරණයට භාර දුන් බවත් මේ වනවිට ගිනි අවිය ඇත්තේ අධිකරණ භාරයේ බවත් අනාවරණය වූයේය. අධිකරණයෙන් ගිනි අවිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ දී ගිනි අවිය නඩු භාන්ඩ ගබඩාවෙන් අතුරුදහන් වී ඇති බව හෙළි විය.

හෙරොයින් සොරකමට සමන්ධයෙන් අත් අඩංගුවට ගත් නිලධාරීන්ගෙන්  ඒ සම්බන්ධවත් ප්‍රශ්න කරන විට මෙම ටී 56 ගිනි අවිය පමණක් නොව, රිවෝල්වරයක් ද සොරකම් කර අලෙවි කිරීමේ සිද්ධියක් අනාවරණය  විය.

ගිනි අවි සොරකම  සම්බන්ධව  මාතර අධිකරණ පරිශ්‍රයේ සේවය කරන  තවත් බහුකාර්ය සංවර්ධන නිලධාරියෙක් අත් අඩංගුවට ගැනුණි.

ඔහු විසින් සොරකම් කළ රිවෝල්වරය විකිණීම සඳහා අතරමැදියා ලෙස කටයුතු කරමින් සිටියේ අත් අඩංගුවට ගත් කණ්ඩායමේ සිටින ගොවිතැන් කරන පුද්ගලයා ය. එම රිවෝල්වරය මිල දි ගෙන තිබුනෙ ධීවර බෝට්ටු හිමිකරු විසිිනි.

මෙම රිවෝල්වරය අලෙවි කර තිබුණේ රුපියල් දෙලක්ෂ අසූ දහසකටය.

සිද්ධිය සම්බන්ධව මාතර අපරාධ විමර්ශන කොට්ඨාසය දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය සැපයුම් අංශයට නව වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්!

Next Post

ඝණ මීදුම සහ වර්ෂාව නිසා යන එන මං නොදැන හන්තානයේ අතරමං වූ වෛද්‍ය සිසුන් 180ක් හමුදා පොලිස් මෙහෙයුමකින් කඳු පාමුලට රැගෙන එයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.