විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලතල කප්පාදු කිරීමේ මුවාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ සිය බලතල වැඩි කරගැනීමට ගෙන යන අභ්‍යන්තර මෙහෙයුම හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරය යළි දෙදරීමකට ලක් වී ඇතැයි වාර්තා වේ.
විධායක ජනාධිපති ධුරයේ අනිසි බලතල අහෝසි කළ යුතු බවට සහ මේ අවස්ථාවේ එය එලෙස සිදු නොකළ යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ මත දෙකක් ඇති වී තිබීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ
රට තුළ අනවශ්‍ය අර්බුද ගණනාවක් මතුවීමට ප්‍රධාන ලෙස හේතු වී ඇත්තේ අනිසි විධායක බලතලබව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමේ මතය වී ඇත.
විධායක බලතල නිසා ගැටලු රැසකින් රට ආරක්ෂා කරගැනීමට හැකි වූ බව ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායමෙහි මතය වී තිබේ.
කෙසේ හෝ විධාය ජනාධිපති බලතල කප්පාදු කළ යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාව අගමැතිවරයාගේ පාර්ශවය විසින් හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අර්බුදය දුරදිග යෑමට ඉඩ නොදී කඩිනමින් විසඳා ගැනීමට දිනේෂ් ගුණවර්ධන සහ රමේෂ් පතිරණ ඇතුළු ආණ්ඩුවේ තවත් පිරිසක් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔසසේ ලංකාසරට වාර්තා වේ.







