චීනයෙන් ව්‍යාධි ජනක බැක්ටීරියා අඩංගු පොහොර නැවක් රටේ නීතියට පිටින් ආනයනය කරන්නට ගොස් රුපියල් කෝටි 130ක් රජයට පාඩු කළ කුප්‍රකට කාබනික පොහොර ගනුදෙනුවට අදාලව වරෙන්තු පිට සිට අධිකරණයට භාර වුන හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ලබන 26 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (19) නියෝග කළාය.
අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි පසුගිය සිකුරාදා මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව වරෙන්තුවක් නිකුත් කළේය. එම වරෙන්තුව ප්‍රකාරව මහින්දානන්ද අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසිය පැවසුවේ ඔහු සැඟවි ඇති බවත් සොයාගත නොහැකි බවත්ය.
කෙසේ වෙතත් වාරෙන්තුකාර සැකකරු අද උදෑසන සැකකරු අධිකරණයට භාරවිය.
සැකකරුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සේවා දායකයාගේ වරෙන්තු ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් අල්ලස් කොම්ෂමේ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 26තෙක් මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.







