ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම, මහවැලි, ග්‍රාමීය සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරන ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා සිය තනතුරින් අද ( 19) ඉල්ලා අස්වූයේය.
ඔහු සිය ඉල්ලා අස්වීම අද උදෑසන ඇමතිවරයා වෙත අද උදෑසන යොමු කර ඇත.
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සමග දිගින් දිගටම ඇති වූ මත ගැටුම පුපුරා යෑමෙන් පසු මෙම ඉල්ලා අස්වීම සිදු වී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා දක්ෂ පරිපාලන නිරලධාරියෙක් ලෙස කීර්තියක් දිනාගත් අයෙකි. යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරත් ඔහු විසින් හොබවා තිබිණි.







