බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැසි මැද නොතෙමී පිඬුසිඟා වැඩි ලග්ගල මහ වන මැද වැඩවිසූ අසිරිමත් සුදු හාමුදුරුවෝ

by Lanka Sara Editor
සැප්තැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“යමකුට සිනහ මුසු මුහුණින් සහ මනා සිහියකින් යුතුව අවසන් හුස්ම වාතලය මුසු කළ හැකි නම්..“

මේ වදන් පෙළ සමඟ සිනහ මුසු මුහුණින් මරණයට මුහුණ දුන් පුද්ගලයකුගේ ඡායාරූපයක් මගේ ජංගම දුරකථනට එව්වේ මගේ කලණ මිතුරකුගේ සමාජ ජාල ගිණුමකිනි. මේ සිනහ මුහුණින් මිය ගියේ බුදු සසුන බැබළවූ කසා වත දැරුවේ යතිවරයාණ නමකි. යුරෝපීය සුපිරි රටක් වන ඩෙන්මාර්කයේ ඉපිද තරුණ වියේදීම බුදු දහමේ වටිනාකම සහ හරය මනාව වටහා ගෙන මෙරටට පැමිණ අඩ සියවසකටත් එහා කාලයක් ශ්‍රි ලංකාව තුළ වනගත පැවැදි දිවියක් ගත කරන ලද උතුමෙකි.

මීට සතියකට පමණ පෙර සිය අවසන් හුස්ම වා තලයට මුදා හරින තාක් කල් සුපේෂල ශික්ෂාකාමී පැවිදි දිවියක් ගත කළ උන්වහන්සේ ප්‍රසිද්ධියට පත් වන්නේ ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන් නමිනි. බොහෝ කාලයක් ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ මහ වනයේ ජීවත් වූ මේ යතිවරයාණන් වහන්සේ සමාජ ගත වූයේ කලාතුරකිනි. බොහෝ විට උන්වහන්සේ දකින්නට ලැබුණේ උදෑසන පිණ්ඩපාත චාරිකාවේදී පමණකි. භික්ෂූන් වහන්සේලාට පවා උන්වහන්සේ හමුවූයේ කලාතුරකිනි. උන්වහන්සේ ගිහියන් ඇසුරු කළේ ඉතා සීමිතවය. දානයක් මානයක් පිළිගැන්වූවද ධර්මය පිළිබඳව කතා කිරීම හැර වෙන දෙයක් ගැන උන්වහන්සේ කතා කිරීමට ප්‍රියතාවක් දැක්වූයේ නැත.

ආරණ්‍ය සරනා ඩෙන්මාර්කයේ ඥානදීප හිමි

වර්ෂ 1969 දී පොගල්ගස්දූව ආරණ්‍යයේදී අධීශිල උපසම්පදාවට පත් වන ඥානදීප හිමියන් ගේ භාවනානුයෝගී දිවි පෙවෙත තුළ යම් විස්මය ජනක කාරණා රැසක් සැඟව තිබූ බව ප්‍රකට කරුණකි. ලග්ගල පල්ලේගම ගැමියන් උන්වහන්සේ හඳුන්වන්නේ මහ වැස්සේත් සිවුර නොතෙමී පිඬු සිඟා වඩින සුදු හාමුරුදුවෝ ලෙසින්ය. ගැමියන් විශ්වාස කරන්නේ උන්වහන්සේට මහ වැසි මැද නොතෙමී යන්නට යම් ආධ්‍යාත්මික බලයක් තිබූ බවටය. මේ හිමියන් පිණ්ඩපාතයේ විඩින විටද ඇතැම් විට අදහාගත නොහැකි අකාරයේ අත්දැකීම් ලග්ගල ගැමියන්ට ඇත. උන්වහන්සේ මහ වනයේ සිට ගමට පිණ්ඩපාතය සඳහා වැඩියේ පා ගමනින්මදැයි විශ්වාස කරන්නට අදට ද ගැමියන් ට අසීරුය. එසේම ආපසු වඩින විට පෙනෙන දුරකට එහා උන් වහන්සේ වැඩි මඟක් සොයා ගන්නට බොහෝ වෙලාවට මෙම ගැමියන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

මරණයේ කුටිය

උන්වහන්සේ ලග්ගල මහ වනයට වඩින්නට පෙර දකුණු පළාතේ බූන්දල මහ වනයේ වැඩසිටි බව පවසන්නේ උන්වහන්සේ ගැන දිගු ලිපියක් ලියා ඇති ඇමෙරිකානු භික්ෂුවක වන යෝගාවචර රාහුල හිමියන්ය. ඥානදීප හිමියන් අපවත් වීමෙන් පසු අපි යෝගාවචර රාහුල හිමියන් ඊ මේල් මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ දිගු කාලයකින් තමන් වහන්සේ හමු වී නොමැති වුවද උන්හන්සේගේ පැවිදි දිවියේ මුල් කාලයේදී සහ මීට වසර 10කට පමණ පෙර දී ශ්‍රි ලංකාවට පැමිණි කාලයේදී උන්වහන්සේ බැහැ දුටු බවය.

ඒ අත්දැකීම් පිළිබඳව සඳහන් කරමින් ලිපියක් රචනා කර ඇති යෝගාවචර රාහුල හිමියන් පවසන්නේ උන්වහන්සේට මුලින්ම ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන් හමුවූයේ 1975 දී බවය. ඒ බූන්දල වනගත කුටියකදීය. මෙම කුටියේ ඊට පෙර බවුන් වැඩියේ ද විදෙස් හිමි නමකි. ඥානවීර නම් මේ භික්ෂූන් වහන්සේ අපවත් වීමෙන් පසුව එම කුටියේ වැඩ විසූ තවත් විදේශීය හිමි නමක්ද සර්ප දෂ්ඨ කිරීමකින් අකාලයේ අපවත් වී ඇත. එයින් පසුව ඥාන දීප හිමියන් මෙම වනගත කුටිය ට ගොස් ඇත්තේ එය මරණයේ කුටිය ලෙසින් ද හඳන්වා ගනිමිනි.

“ බූන්දල වන කුටියේ භාවනානුයෝගීව සිටින කාලයේ මම කිහිප වරක්ම ඥානදීප හාමුදුරුවන් බැහැ දැක්මට වැඩම කළා. උන්වහන්සේට ධර්මය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් තිබුණා. ඒ වගේම ඒ වනවිටත් පාලි භාෂාව ඉතා හොඳින් දැන සිටියා. අප අසන ඕනෑම ධර්ම කාරණාවක් පිළිබඳව අසූ සැණින් සූතු ඇසුරින් විග්‍රහ කිරීමේ සමත්කමක් උන්වහන්සේට තිබුණා. ඒ වගේම උන්වහනේසේ ඒ දිනවල යෝග ව්‍යායාම පවා කළා. මමත් යෝග ප්‍රගුණ කළ නිසා අප ඒ ගැනත් කතා කළා. උන් වහනසේ මට කීවේ දිනකට විනාඩි තිහක් ශීර්ෂයෙන් සිටගෙන ශීර්ශාසන යෝගය සිදු කරන බවය.

කයින් දුබල වුවත් අසීමිත චිත්ත ශක්තියක් ඇති ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන්

සතුන්ටත් පතල මෛත්‍රීය

එසේම උන්වහන්සේ අලි කොටි විසඝෝර සර්පයන් මැද භවනානුයෝගීව සිට ඇත්තේ සිතේ පැවැති මෛත්‍රීයේ මහිමයෙන්.

“මට දවසක් කිව්වා උන්වහන්සේ පද්මාසන ඉරියව්වෙන් භාවනා කරමින් සිටින අතරේ පාදයේ දරුණු වේදනාවක් ආවාලු. බලනකොට විෂඝෝර සර්පයෙක් පාදය වෙලාගෙන. ටික වෙලාවකින් මේ සතා උන්වහන්සේගේ උරට ම ඇවිත් . ඥානදීප හාමුදුරුවෝ සිටි ඉරියව්වෙන්ම නොසෙල්වී හිඳ මෛත්‍රී භාවනාව වඩා තිබෙනවා. ටික වෙලාවකින් මේ සර්පයා හෙමින් සීරුවේ උන්වහන්සේගේ සිරුරෙන බැස ගොස් තිබෙනවා. නමුත් සර්පයා වෙළා ගත් පාදයේ වේදනාව දරාගෙන උන්වහන්සේට තවදුරටත් පැය භාගයක් පමණ භාවනා කර තිබෙනවා. උන්වහන්සේගේ මේ විස්මය ජනක වනගත දිවිය මටත් ශ්‍රි ලංකාවේ වනගත භාවනානුයෝගී ජීවිතයක අත්දැකීම් කෙරහි පෙලඹවූවා. මේ සඳහා මා තෝරා ගත්තේ කුරුණෑගල දොළුකන්දේ වනගත බිමක්. එහිදී මටත් මේ විෂඝෝර සර්පයන් ඇතුළු වන දිවියන් ඇසුරේ භාවනාමය අත්දැකීමක් ලබා ගන්නට හැකි වුණා.“

කෙසේ වුවද තවත් ටික කලක් මෙරට වැඩ සිටියද විදෙස්ගත වී යළි වැඩම කළ ද රාහුල හිමියන්ට යළි ඥානදීප හිමියන් හමුවීමට අවස්ථාවක් ලැබෙන්නේ වසර 35කට පමණ පසුවය. ඒ 2010 වසරේදීය. ඒ රාහුල හිමියන් මෙරටට වැඩම කළ අවස්ථාවකය. ඒ වනවිට උන්හන්සේ වැඩ සිටියේ ලග්ගල මහ වනයක් මැදය. උන්වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේලාට මුණ ගැසීමට අවස්ථාවක් ලබා දෙන්නේ වසරකට සතියක් පමණි. මේ කාල සීමාවෙන් බැහැරව උන්වහන්සේගෙන් කළ ඉල්ලීම හමුවේ එය ප්‍රතික්ෂේප නොකළ හිමියන් හමුවීමට රාහුල හිමියන් ලග්ගල ගිය ගමන පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.

පිඬුසිඟා වඩිනා ඥානදීප හිමියෝ

ලග්ගල ගිය ගමන

“ මම 2010 වසරේ ශ්‍රි ලංකාවට පැමිණි වෙලාවක උන්වහන්සේ හමුවෙන්න උත්සාහ කළා. මේ කාලයේ උන්වහන්සේ වැඩි කලක් ගත කළේ වන ගතව බවුන් වඩමින් . සාමාන්‍යයෙන් වස් තුන් මාසය වනගත කුටියක ගත කරන උන්වහන්සේ තවත් මාස තුනක් පමණ ඒ ආකාරයෙන්ම වැඩ වාසය කරනවා. එයින් පසුව තමයි උන්හන්සේ අසල තිබෙන සෙනසුනකට පවා වඩින්නේ. ඒ වගේම තමන්ගේ ඖෂධ ඇතුළු වෙනත් ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳව සලකා බලන්නේ.“

මම ලංකාවට ආපු කාලය උන්වහන්සේ බාහිර පිරිස් හමුවෙන කාලයක් නෙවෙයි. නමුත් මම දන්න හිතවතකු මාර්ගයෙන් ඥානදීප හිමියන්ට වසර 30කට පසු ධර්ම කාරණා විසඳා ගැනිම ඇතුළු ව හමුවීමට අවශ්‍ය බව. පුදුමයකට මෙන් උන්වහන්සේ මට මේ සඳහා අවස්ථාවක් ලබා දුන්නා. ඒ අවස්ථාව ලැබුණේ උන්වහන්සේ උදෑසන පිඬු සිඟා වඩින වෙලාවේදී හමුවෙන්න. මම ශ්‍රි ලාංකික භික්ෂූන් වහන්සේ දෙනමකුත් සමඟ ගියා. උන්වහන්සේ දිනපතා මහ වනයේ සිට කිලෝ මීටර දෙකක පමණ දුරක් වැඩම කොට ගල් තලාවක් මතට ප්‍රෙව්ශ වෙනවා. ගැමියන් උන්වහන්සේගේ ආහාරමය දාන සූදානම් කර ඔවුන්ද කිලෝ මීටරයක් පමණ පා ගමනින් ඇවිත් දානය පිළිගන්වනවා. එතැන උන්වහන්සේට පුටුවක් තබා සුදු රෙද්දක් දමා අසුන් නවා තිබුණා. දානය පිළිගැනීමෙන් පසුව අප අතර කෙටි කතා බහ ආරම්භ වුණා. අවුරුදු 30කට පස්සේ හමුවූ මම උන්වහන්සේට මගේ පසුගිය වසර 30ක කාලයේ ධර්ම ප්‍රචාරය සඳහා කළ දේවල් විස්තර කළා. ඒ සියල්ල සාවධානව අසා සිටි උන්වහන්සේ මට කිව්වේ එක දෙයයි. ඔබ මේ වෙනකොට අවුරුදු 30ක් පුරාවට ණය ගෙවල තියෙනවා. දැන් එයින් විශ්‍රාම ගන්න. ඔබේ ජීවිතයේ අර්ථය පිණිස ඉතිරි කාලය යොදවන්න. උන්වහනසේගේ මේ අවවාදය සමඟ මම මගේ සියලු ධර්ම ප්‍රචාරණ වැඩකටයුතු භාවනා වැඩසටහන් ඉදිරියට කරගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරලා එයින් ඈත් වෙන්න කටයුතු කළා. මේ අවවාදය දී කෙටි වෙලාවකින් උන්වහන්සේ අපෙන් සමුගෙන අර සුපුරුදු මහ වනය වෙත වැඩම කළා.“

කලාතුරකින් හමුවන ගිහියන්ගෙන් වැඳුම් ලැබ

උන්වහන්සේ ජීවිතය අවසන් වන තෙක් ම ගත කර ඇත්තේ ඉතා අල්පේච්ඡ ජීවිතයකි. උන්වහන්සේ කිසිදු විටෙක නිවසේ එදිනෙදා ආහාරයට පිළියෙළ කරන ආහාරයෙන් කොටසක් පමණ් පිළිගන්වන්නැයි නිතර පවසන දෙයක් බව ගැමියෝ කියති. ඉතා අල්පේච්ඡ දිවියක් ගත කරන උන්වහන්සේ කලින් කලට හෝ වැඩවිසූ සේනසුනක වැඩ හිඳින්නට තීරණය කරන්නේ වරක් වන අලියකුට කලවය පෑගීමෙන් පසුව පාදයේ අනතුරකට ලක්ව සිටීමෙන් පසුවය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස සිටින සමයේ දී වරක් වනගතව සිටි උන්වහන්සේ අහම්බයකින් හමුවී ඇත. එහිදී නියෝජ්‍ය ඇමති ප්‍රේමදාස හිමියන්ගෙන් විමසා ඇත්තේ ඔබ වහන්සේට අවශ්‍ය මොනවාද යන්නය. එහි දී උන්වහන්සේ පිළිතුරු දී ඇත්තේ පැවිද්දකුට තුන් සිවුරත් පාත්තරයත් හැරෙන්නට වෙනත් කිසිවක් අවශ්‍ය නොමැති බවය.

කායිකව දුබල වුවද අසීමිත චිත්ත ශක්තියකින් අනූන වූ උන් වහන්සේ සිය වීර්යය අවසන් මොහොත වන තෙක් අත් නොහළහ. ජීවිතයේ අවසන් කාලය මීගලෑවේ කත්නෝරුව ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ මේ අසිරිමත් යතිවරයාණන් වහන්සේ පසුගිය 12 වැනිදා සිනා මුසු මුහුණින් යුතුව තම සුපේශල පැවිදි ජීවිතයට සදාකාලික ව සමුදී අපවත් වී වදාළහ.

ඩෙන්මාර්කයේ ඥානදීප හිමියන්
Tags: විශේෂ
Share69Tweet43
Previous Post

පිස්සු නරි රැළක් නිසා යාපනයම භීතියෙන්

Next Post

පොලිසිය ගෝනකෝවිලේ රොහා මැරුවත් අංජු කෝටි 5ක් පොලිසියට දෙනවලු

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.