අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලිය අහෝසිකර ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්ට දෙන යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ජනතා නියෝජිතයින්ට වෙන  දේ  මහවැලි ගොවීහු කියති!

by editor
දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වසර හතළිහකට අධික කාලයක් මෙරට සමස්ත ගොවි පරපුරට ඉමහත් සේවාවක් ඉටුකළ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අහෝසිකර  එහි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැවරීමට  රජය මෙම අයවැය යෝජනා හරහා  ක්‍රියා  කළහොත් රටේ බහුතර ජනතාවක් විශාල ගැටලුවකට මුහුණදී, එය ජනවාර්ගික අර්බුදයක් දක්වා දුරදිග යෑමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ  අද  මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සදහන් කළහ.

ඊට සහභාගීවූ ගොවි නියෝජිතවරු ප්‍රකාශ කළේ  පාර්ලිමේන්තුවේ දී මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම ජනතා නියෝජිතයෙකුට ඊලඟ මැතිවරණයේ දී තමන්ගේ සහාය නොලැබෙන බවය.

වැලිකන්ද  සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී මහවැලි බී කලාපයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේලා, සහ ගොවි නියෝජිතයන් එක්ව  මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේය.

එහිදී දිඹුලාගල රාහුලාලංකාර   හිමියන්  පෙන්වා දුන්නේ  රටේ පාලකයින් හිටිහැටියේ ගන්නා අත්තනෝමතික තීන්දු තීරණ නිසා ජනතාව අන්ත අසරණ වන බවත්, මහවැලි ඉඩම් අර්බුදයේදී කාබනික පොහොර අර්බුදයට  බහුතර ගොවිජනතාවක් මහපාරට බැස විවිධ උද්ඝෝෂණ විරෝධතා  සිදුකළා සේ, මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරීමට කටයුතු කළහොත් මහවැලි  බී කලාපයේ ගොවීන් මෙන්ම අනෙකුත් කලාපවල ගොවීන් විශාල පිරිසක් ද එක්ව ඊට එරෙහිව මහපාරට බැස උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවත්ය.

රාහුලාලංකාර නාහිමියෝ එහිදී මෙසේ ද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීමට පෙර විශාල වැඩ කටයුත්තක් ඉටු කිරීමට තිබෙනවා.  මෙම ගැටළුවේදී දේශසීමා ප්‍රශ්න ගැටලු ඇති  වෙන්න පුලුවන්.

විශේෂයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරුඔය ව්‍යාපාරයට යටතේ දකුණු ඉවුර සංවර්ධන කරන මොහොතක මෙහි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පැවරීමට සිදු වුවහොත් අනිවාර්යෙන්ම, මඩකලපුව, පොළොන්නරුව, අම්පාර දිස්ත්‍රික්කවල සිටින විවිධ ජාතීන් අතර ජනවාර්ගික අර්බුදයක් හටගන්නවා.

මේ තත්ත්වය තුළ  එළඹෙන 8 වෙනිදාට පාර්ලීමේන්තු කාරක සභාවේදී මහවැලි ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමේ යෝජනාව වහාම හකුලා ගන්නා ලෙස  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව හැටියටත්, සමස්ත මහවැලි කලාප 10ම  ගොවි නියෝජිතයින් මෙන්ම ගොවිජනතාව වෙනුවෙනුත්  ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමති ඇමැතිවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.“ නාහිමියෝ සඳහන් කළහ.

මෙහිදී මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කළේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ගොවි ජනතාව ට විසඳාගත යුතු ඉඩම් පිළිබද ගැටලු විශාල ප්‍රමාණයක් පවතින බවත්, එම් ඉඩම් බලතල  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීමට ක්‍රියා කළහොත් මහවැලි කලාප 10 ක ගොවි ජනතාව බරපතල අර්බුදයකට වැටෙන බවත්.

එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී කාරක සභාවට ගැනීමට නියමිත යෝජනාවට  පක්ෂව ඡන්දය දෙන ඕනෑම මන්ත්‍රීවරයෙකුට     ඉදිරියේදී මැතිවරණවලදී තම ගොවි ජනතාවගේ සහාය ලබානොදෙන  බවද එම ගොවි නියෝජිතවරු පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රීවරියෝ තැඹිලි පාට වෙති

Next Post

උණවටුනේ දුම්රිය හරස් මගක දී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටේ…. රුසියානු කාන්තාවක් සහ රියදුරු එතැනම මරුට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.