සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහබැංකුවත් කඩා පෝෂණය කළ ඇලෝසියස් හිතවතාගේ මිලියන 1659ක අරක්කු බදුපොල්ල නොදකින ජනාධිපති මුදල් ඇමති!

by editor
ජූලි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • 2023 දි වැට් බද්දට දුන්න රුපියල් බිලියන 543ක බදු පොල්ල අය කරගත්තා නම් රාජ්‍ය සේවක වැටුප තිස් දාහකින් වැඩි කරන්න තිබුණා… ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාඨලී පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි

මත්පැන් නිෂ්පාදන  ආයතන හතරකින්    හිඟ සුරාබදු හා හිඟ ප්‍රමාද ගාස්තු වශයෙන්  2023 වර්ෂයේ දි අයවිය යුතු  රුපියල් මිලියන 1878 ක මුදලක්   මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදින වනවිටත් සුරාබදු දේපාර්තමේන්තුව මගින් අයකරගෙන නොතිබු බව  ක්‍රම හා විධි කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.

  • ඩබ්ලිව් .එම්.මෙන්ඩිස් සහ සමාගමෙන් අයවිය යුතු බදු මුදල රුපියල් මිලියන 1659කි.
  • හිඟුරාන ඩිස්ටිලරිස් සමාගමෙන් රුපියල් මිලියන 102ක මුදලක් සහ සිනර්ජි ඩිස්ටිලරිස් සමාගමෙන් රුපියල් මිලියන 38 මුදලක් අයවීමට තිබුණි.
  • වයඹ ඩිස්ටිලරිස් රෝයල් සිලොන් සමාගමෙන් රුපියල් මිලියන 79ක මුදලක් අයවිමට ඇති බවද මෙම කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.
  • මින් මත්පැන් සමාගම් තුනක් විසින් 2024 වර්ෂයේ මෙම කාලය තුළ ගෙවිය යුතු සුරාබදු මුදල රුපියල් මිලියන 978කි.

පසුගිය අප්‍රේල් මස  26 වැනිදින පැවති ක්‍රම හා විධි කාරක සභාව විසින් මෙම හිඟ බදු මුදල  සම්පුර්ණයෙන්ම  ජුනි මස 30 වනදිනට පෙර    අයකර ගැනීමට කටයුතු කරණ ලෙස සුරාබදු දේපාර්තමේන්තුවට  නිර්දේශ කොට තිබුණි.

සුරාබදු දෙපාර්තමේන්තුවට   ක්‍රම හා විධි කාරක සභාව මගින් ලබා දුන් නිර්දේශය කඩකර ඇති බවද මෙහිද අනාවරණය විය.  සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුව ලබාදුන් නියෝගයට පටහැනිව කටයුතු කර තිබිණි. ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති චම්පික රණවක පසුගිය 10 වැනිදා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් ද කළේය.

මුදල් අමාත්‍යංශය මගින් ද  2023 වර්ෂයේ අයවිය යුතු  හිග සුරාබදු හා ප්‍රමාද ගාස්තු මුදල සම්පුර්ණයෙන්ම  ජුනි මස 30 වැනිදින වනවිට   අයකරගත යුතු බව  සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට  නිර්දේශකොට තිබු බවද ක්‍රම හා විධි කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.

එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින්   විසින් මෙහිදි සදහන් කළේ එවැනි  ලිපියක්  මුදල් අමාත්‍යංශය මගින් තම දෙපාර්තමේන්තුව  වෙත ලැබි නොමැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම  මත්පැන් නිෂ්පාදන සමාගම් හතර සමග සුරාබදු දෙපාර්තමේන්තුව   හිඟ සුරාබදු හා ප්‍රමාද ගාස්තු ගෙවනු ලබන ආකාරය පිළිබඳ ගිවිසුම් ගතවී තිබුණි. මින් සමාගම් තුනක් එම ගිවිසුමද කඩකර ඇති බව ක්‍රම හා විධි කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.

හිඟ බදු මුදල් හා ප්‍රමාද ගාස්තු  අයකර ගැනීමට කටයුතු නොකිරිම පිළිබද   මෙම රැස්විමේ දී සුරාබදු නිලධාරින් දැඩි දෝෂදර්ශනයට ලක්විය.

  • අරක්කු කාරයින්ගේ බදු පොලු  ගැන පාර්ලිමේන්තුවේ දී කළ හෙළිදරව්ව

අනතුරුව පසුගිය 10 වැනිදා ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක නීතියට උඩින් ඉන්නා අරක්කු කොම්පැණිකාරයින්ගේ නිර්දය භූමිකාව පාර්ලිමේන්තුවේ දී දීර්ඝ ලෙස හෙළි කළේය.

පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ දී  කීවේ මෙවැන්නකි.

“බිලියන හතක බදු ප්‍රමාණයක් නොවැම්බර් 01 වැනිදා වෙනවිට ගෙවලා තිබුණේ නෑ. කෝටි 700ක බදු පොලු තියලා තිබුණා.”

“අපේ රටේ සුරාබදු පනතට අනුව අත්පිට මුදලට මිසක් මත්පැන් විකුණනන්න බෑ. ඒ නිසා බදු පොලු තැබීමේ කිසිම හැකියාවක් අවස්ථාවක් ඒ සමාගම්වලට නෑ. “

“අපි නියෝගයක් දුන්නා ඒ බදු පොලු තියපු සමාගම් හයේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවලා බදු අය කරන්න කියලා.  ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව ඒ සමාගම්වල බලපත්‍ර නැවත්තුවා 2023 නොවැම්බර් 01 වැනිදා ඉඳන්. දවස් 04කට පස්සේ ගිවිසුම් අත්සන් කරලා 2023  දෙසැම්බර් 31 වනවිට  මේ සියලුම අය නොකළ බදු පොලු අය කරගන්න එකඟතාවයකට ආවා.”

“හැබැයි දෙසැම්බර් 04 වැනිදා ඉඳලා නැවත බදු ගෙවීම පැහැර  හැරියා. පැහැර හැරියට ඒ ගොල්ලන්ගේ බලපත්‍ර කිසිම විදිහකට  තාවකාලිකව ඉවත් කළේ නෑ. අදටත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.”

“අද තත්ත්වය කුමක් ද. පසුගිය අප්‍රේල් මාසයේ දි අපට දැනුම් දුන්නා තාම මේ බදු ගෙවීම සිද්ධ වුනේ නෑ කියලා. ඒ නිසා අපි දැනුම් දුන්නා මේ 06 වෙනි මාසේ 30 වැනිදා වනවිට මේ සුරාබදු අය කරගැනීම අලුත් ගිවිසුම්වලට එළඹිලා කරගෙන යන්න කියලා. “

“මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් මෙතන ඉන්නවා.  දැන් ඇවිත් කියනවා සුරාබදු දෙපාර්තමේන්තුව   මුදල් අමාත්‍යාංශයෙන් අපට දැනුම් දීලා නෑ මේවා අයකරගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න බලපත්‍ර තහනම් කරලා හරි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඒක තමයි සුරාබදු දෙපාර්තමේන්තුවෙ උත්තරය.”

“නමුත් මුදල් අමාත්‍යාංශය ක්‍රම සහ විධි කාරකසභාවට දනුම් දීලා තියනවා මේ හිඟ බදු මුදල් අයකරගැනීම සඳහා වූ නිවේදනය සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දුන්නා කියලා.”

“අද මොකක්ද  තත්ත්වය. 2024 සමාගම් 04ක් රුපියල් මිලියන 978ක බදු ගෙවලා නෑ. මින් එක් සමාගමක් තමයි මේ බදු ප්‍රමාණයෙන් සියයට 90කට  වගකිව යුත්තේ. “

“ඒ වගේම 2023 ඉඳන් එකතු වෙච්චි බදු ප්‍රමාණය රුපියල් මිලියන 1878ක්. ඒක නිසා අපි අපේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරගන්න එපා මේ වෙලාවේ රටේ තත්ත්ව හිතන්න කියලා කිව්වට ඒ කීමම පදනම් කරගෙන  මත්පැන් නිශ්පාදකයින්ටත් නීතිය ක්‍රියාතිමක වෙනවා නම් තමයි ජනතාවගේ පැත්තෙන් ඒක යුක්තිසහගත වෙන්නේ.”

“එහෙම නැතිව ඒ ගොල්ලන්ට එක නීතියක්… බදු නොගෙවා පවතින්න පුලුවන්. අනික් අයට එහෙම නෑ. අද සෑම ලූනු කිලෝවකින්ම රුපියල්  දහයක බද්දක් ගන්නවා. සීනි කිලෝවකින් රුපියල් 50ක් ගන්නවා. මේ වගේ කිරිපිටි ඇතුළු හැම දේකින්ම බදු ගහනවා. හැබැයි මත්පැන් නිශ්පාදකයින්ට මේ සහනය ලබා දීලා තියනවා.”

“මේ ගොල්ල ඉන්නේ නීතියට උඩින්ද. පාර්ලිමේන්තුවට උඩින් ද කියන ගැටලුව මතු වෙලා තියනවා. මුදල් අමාත්‍යාංශයේ, ජනාධිපතිතුමාගේ අවධානය දැඩිව ඍජුව යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. “

  • රාජ්‍ය සේවක වැටුප තිස් දාහකින් වැඩි කළ හැකියි

“ඒ වගේම ඊයේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා කියලා තියනවා සියයට තුනකින් මේ වැට් වැඩිකරන්න වෙනවා මේ ඉල්ලා තියන පඩි වැඩි කිරීම කරන්න කියලා. මතක තියාගන්න ඕන. 2023 ඉදිරිපත් කළා බදු සහන පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේඛනය 2023 අවුරුද්දේ. “

“කීයක් බදු සහන දීලා තියනව ද. රුපියල් බිලියන 978ක් බදු සහන දීලා තියනවා. මේකෙන් ලබා දී ඇති වැට් බදු ප්‍රමාණය 543ක්.  මේ රටේ ඉන්නේ ලක්ෂ 14යි රජයේ සේවකයො. මේ වැට් බදු සහනය පමණක් නොදුන්නා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප්  මාසෙකට රුපියල් තිස් දහසකින් වැඩි කරන්න පුලුවන්.”

“ඒක තමයි ඇත්ත. ඒක තමයි රාජ්‍ය සේවකයගේ ප්‍රශ්නය. ආණ්ඩුව සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධව එක ආකාරයට ක්‍රියා කරනවා නම්  මේ රාජ්‍ය සේවකයින්ගේ වර්ජනය පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වීම, උසස් අධ්‍යාපනය කඩාකප්පල් වීම මහජනතාවගේ වේදනාවට යම් කිසි ආකාරයක යුක්ත යුක්ති භාවයක් ඇති කරගන්න පුලවන් වෙනවා. “

පාඨලී චම්පික රණවක කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධික දුම් පිටකරමින් මහ මග ගමන් කරන වාහන තහනම් කිරීම අරඹයි… 070 3500 525 වට්ස්ඇප් අංකයට මහජන තොරතුරු ඉල්ලයි!

Next Post

අබ සරණයි… ක්‍රිකට් පරිපාලනය වෙනස් කළ යුතු බවට සබ්රිගේ ජනාධිපති කැබිනට් අනු කමිටු වාර්තාවත් විසිවෙන ලකුණු…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.