ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ථ ලංකා හෙද සංගමය අද (20) දින මහනුවර ජාතික රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත වූහ.
මාර්තු මස හා අප්‍රේල් මස හෙද දිමනා කප්පාදුව,කොරෝනා වසංගතය හා ඇදිරි නීතිය පැවැති දිනයන්හිදි ප්‍රවාහන පහසුකම් ලබා නොදීම,අනීතික සේවා සැලසුම් වලට එරෙහිවද ,හෙද හෙදියන් අපහසුතාවයට පත්කරන බලධාරින්ට එරෙහිවද, වෘත්තීය ගරුත්වයට සිදුකරනු ලබන බලහත්කාරි අතපෙවීම් වලට එරෙහිව යන කාරනා වලට විරෝධය දක්වමින් මෙම නිහඬ විරෝධතාවය ක්‍රියාත්මක කල බව සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති පලිපාන එහිදි කියා සිටියේය.
මෙම නිහඬ විරෝධතාවය සම්බන්දයෙන් බලධාරින්ගෙ අවධානය යොමු වි මෙම ඉල්ලිම් සම්බන්දව ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරි සතියේ සිට උදේ වරුවේ පමනක් තම සේවාවන් පවත්වාගෙනව යෑමට කටයුතු කරනු ලබන බවද ඔහු වැඩි දුරටත් පැවැසිය.
මෙම ඉල්ලීම් කිසිදු පදනමක් සහිත ඒවා නොවන බවද , ඇතැම් දේශපාලන බලපෑම් මත මෙම හෙද සංගමය විරෝධතාවයක නිරත වීමට උත්සාහ ගෙන ඇති බවද කී මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් එච් එම් ජයවික්‍රම මේ සම්බන්ධයෙන් ඉදිරියේදි හෙද සංගමය සමග සාකච්ඡා කිරිමට නියමිත බවද කියා සිටියේය