අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වැලිසර කඳවුරෙන් මතුවෙන ඉන්දු සයුරේ විශාලම කෝවිඩ් පොකුර

වැලිසර නාවික කඳවුරතුළ කොරෝනා පැතිරෙනවා ද? සෙබලුන්ගේ ජීවිත සිතා මතාම අවදානමට පත්කරළා ද?

by editor
මැයි 20, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ –

කොවිඩ් 19 වසංගතය මේ වනවිට අපේ රටේ මැනවින් පාලනය කොට ඇති බවට සමාජයට ඒත්තු ගන්වන ආකාරයට සියලු හැසිරීම් පෙළ ගැසී ඇත.  පොලිස් නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අනුව නම් සියලුම “කොවිඩ් පොකුරු” මේ වන විට අක්‍රිය කර හමාරය.  සමාජයට පැතිරීමක් නොමැත. නමුත් වැලිසර නාවික හමුදා කඳවුරේ “කොවිඩ් පොකුර” පමණක් ක්‍රියාකාරීව තිබේ. ඊයේ බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියස පැවැත්වීමට නියමිතව තිබූ රණ විරු උළෙල සැලසුම් සහතග ලෙස පවත්වා ගැනීමට නොහැකි වූ ප්‍රධානම කාරණාව වූයේ එතෙක් පුහුණු වීම් කටයුතු වලට පැමිණි නාවික හමුදා සෙබලුන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීමය.  රණ විරු උළෙලේ සැලසුම් අවුල් සහතග වූවා සේම පොලිසියේ 122 හා නාවික හමුදාවේ විශාල සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කිරීමට සිදුවිය.

මේ වනවිට රට තුළින් හමු වී ඇති   කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 50 ක් නාවික හමුදා සාමාජිකයන්ය. මේ පවතින තත්වය පිළිබඳව කෙරෙන විමසුමකි.

වැලිසර නාවික හමුදා කඳවුර

පසුගිය 17 දා මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැනුණා.  ඉන් 19 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් වනවා.

නාවික සෙබලුන්ට රෝගය බෝවුනේ අප්‍රේල් 8වෙනිදා හෝ ඒ ආසන්න දිනක ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ලෝලී පුද්ගලයන් කිහිපදෙනෙක් අල්ලාගැනීමට උත්සාහ කිරීමේදී බවයි කියවෙන්නේ. එසේ ආසාදනයවූ අයෙකුගෙන් අප්‍රේල් 22 දින රෝග ලක්ෂණ මතුවී කොරෝනා ආසාදිතයෙකු බවට පරීක්ෂණ මගින් තහවුරු වූ වහාම වැලිසර නාවික හමුදා කඳවුර නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කොට නිවාඩු ලබාගිය සෙබලුන්ද වහාම එහි කැඳවනු ලැබුවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අප දන්නා පරිදි ලෝකයේ ඉතාමත්ම විනයගරුක හමුදාවක් ලෙස පවසන ශ්‍රී ලංකාවේ නාවික හමුදාව නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම පිළිපදිනු නිසැකයි. නොඑසේ නම් සාමාන්‍ය ජනතාවගෙන් එවන් හැසිරීමක් කෙසේවත් බලාපොරොත්තු වන්න බැහැ. එවිට මහජනයා අතර “කොවිඩ් පොකුරු” සෑදෙන විට ඒ අයගේ වගකීම් විරහිත නොසැලකිළිමත් හැසිරීම ලෙසින් චෝදනා කරන වගකිවයුත්තන්, නාවික කඳවුර තුළ රෝගය පැතිරයාමේදී ඔවුන් එය දකින්නේ වෙනත් ආකාරයකින්.

වැලිසර නාවික කඳවුරෙන් දිනපතා අඛන්ඩව රෝගීන්..

අප්‍රේල් 22 සිට නාවික කඳවුර නිරෝධායන කඳවුරක් කළේ නම්, එතුළ රෝගය බෝවීමේ අවසානය ආරමභ වන්නේ එදිනයි.   ඒත් එතැන් සිට අද දක්වා දින 26 ක් ගත වී තිබෙනවා. අප්‍රේල් 22 දින රෝග කාරකය ආසාදනය වුවෙකුට වුවත් ඉන් දින 14ක් ඇතුළත එනම් මැයි මස 06 දින වන විට රෝග ලක්ෂණ මතුවිය යුතු වනවා. උපරිම වුනොත් දින 21 ක් එනම් මැයි 13 වන විට හෝ ඔවුන්ගෙන් රෝග ලක්ෂණ මතුවිය යුතු වනවා. මුලින් දින 14 ක් ව තිබූ, පසුව දින 21ක් දක්වා දිගුකරනු ලැබූ නිරෝධායනයේ පදනම වන්නේද මෙයයි.

නමුත් ගැටලුව වන්නේ එම එම කාල පරාසයන් පසුවී තිබුණත් තවදුරටත් වැලිසර නාවික කඳවුරෙන් දිනපතා අඛන්ඩව රෝගීන් වාර්තාවීමයි.

නිවාඩු ගොස් පැමිණි සෙබලුන්ගෙන් අනෙක් අයට රෝගය බෝවීමට ඇති හැකියාව ඉතා අඩු වන්නේ, එසේවූවේ නම් ඔවුන්ගේ නිවසේ සාමාජිකයන්ට ද රෝගය ආසාදනය වී ඔවුන් ද රෝගීන් ලෙස හඳුනාගත තිබිය යුතු වීමයි.

එසේනම් විය හැකි වන්නේ නාවික කඳවුර තුළින්ම මෙය පැතිරයමින් පැවතීමයි. එය එසේනම් ඒ සඳහා නාවික හමුදා වෛද්‍ය බලකාය ඇතුලු නාවික හමුදා බලධාරීන් වගකිව යුතු වනවා. කඳවුර තුළට සියලුම නාවික සෙබලුන් කැඳවා, ඉන් පිටතට යා නොදී රඳවාගෙන, රෝගයට ගොදුරුවීමට අවකාශ සැලසීමක් සිදුවන්නේ නම් එය දැන දැනම එම සෙබලුන්ගේ ජීවිත අනතුරට ලක්කිරීමක් වනවා. එය දන්ඩ නීති සංග්‍රහය අනුවත් දඬුවම් ලැබිය හැකි වරදක්.

සෙබලුන් තරුණ සහ ශක්තිමත් අය නිසා රෝගයට ගොදුරු වී එයට ප්‍රතිශක්තිය ඇතිවේ යයි සිතාගෙන එලෙස රෝගය පැතිරීමට ඉඩදෙන්නේ නම්, අතීතයේ වසංගත රෝග මර්දනය කළ ක්‍රමවේදය නාවික කඳවුර තුළ ක්‍රියාත්මක කිරීමක් වෙනවා. එය එසේනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද වනවා.

සමහරවිට නාවික කඳවුර තුල භාවිතා කරනවා යැයි ප්‍රචාරය කරන “හෙල ඔසු” දුම් හට්ටි, කැඳ හැලි සහ වෙනත් “ඖෂධීය පානයන්” මෙන්ම විවිධ පුද්ගලයන්ගේ බෙහෙත් වට්ටෝරු, යම් හෙයකින් එතුළ සත්‍ය වශයෙන්ම භාවිතා කරන්නේ නම් ඒවා නිසාද මෙම තත්වය ඇතිවීමේ හැකියාව තියෙනවා. එසේ වන්නේ එම දේවල් වලට රෝගයේ බීජෞෂණ කාලය එනම් රෝගය ආසාදනය වී රෝග ලක්ෂණ මතුවීමට ගතවන කාලය දිගුවීමේ හැකියාවක් තිබිය හැකි වීමයි.

 පැතිරෙන්නේ ප්‍රමාණවත්  ඉඩක් නැති නිසා ද

නාවික කඳවුර තුළ නිරෝධායනය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති නිසා රෝගය පැතිරෙන්නේ නම් එහි වගකීම අදාල නාවික බලධාරීන් විසින් භාරගත යුතු වනවා. එසේ වූවේ නම් සෙබලුන්ගේ ජීවිත අනතුරේ නොදා පරීක්ෂණ සිදුකොට නිරෝගී පුද්ගලයන් නිවෙස් වලට යැවීමට හෝ වෙනත් නාවික කඳවුරු වලට යැවීමට පියවර ගත හැකිව තිබුණා. නොඑසේ නම් වෙනත් ස්ථානයක රඳවා තැබීමට තිබුණා.

දිනෙන් දින අලුතින් රෝගය කඳවුර තුළ පැතිරයාමට හේතූන් සොයා වහාම එය නවතාගැනීමට කටයුතු කළ යුතු වනවා. රාජ්‍ය බුද්ධිඅංශ ප්‍රධානියා මීට දින කිහිපයකට කලින් ජන මාධ්‍යට ප්‍රකා ප්‍රකාශ කළේ ඇතිවන ඕනෑම “කොවිඩ් පොකුරක්” සුනු විසුනු කර “සීරෝ” කිරීම තමන්ට ඉතා සුලු දෙයක් බවයි. එසේ නම් මේ එයට සුදුසු වේලාව නොවේද? ඇයි තවම නොකර ඉන්නේ?

ඉන්දීය සාගරයේ විශාලතම “කොරෝනා පොකුර” බවට පත්ව ඇති වැලිසර නාවික හමුදා කඳවුර වෙත දැඩි සහ ඉක්මන් අවධානය යොමු කොට නාවික සෙබලුන් රෝගයට ගොදුරුවීම වහාම වලක්වාලීමට පියවර ගතයුතු වනවා

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර හෙදියෝ විරෝධතාවයක

Next Post

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.