මහනුවර දිස්ත්‍රික්කයේ ඇති සියලුම සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂා කර නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන සියල්ලටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසින් මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
මහනුවර පොලිස් ලොක්කෙකුගේ ඍජු සම්බන්ධයක් ඇතිව පවත්වාගෙන යන මහා පරිමාණයේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක් මහනුවර ඇතැයි හෙළි කළ පුවත සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා කළ විමර්ශනයකින් අනතුරුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම නියෝගය කර ඇත.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට බුද්ධි අංශ වාර්තාකර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කය තුළ නීති විරෝධී සම්බාහන ආයතන විශාල ප්‍රමාණයක් ඇති බවත් සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් වැඩි වශයෙන් ඇත්තේ ගණිකා නිවාස බවත්ය.
ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ







