බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර වෛද්‍ය සංගමයේ වජ්‍ර ජයන්තියක් සැමරුම ජාතික ඵලදායී ශාස්ත්‍රීය ප්‍රවේශයකින් අද ඇරඹෙයි!

by editor
පෙබරවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

මහනුවර වෛද්‍ය සංගමයේ වජ්‍ර ජයන්තියක් සැමරීමේ උත්සවය එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රිචර්ඩ් ලැන්ග්ෆෝර්ඩ් (RICHARD LANGFORD)ගේ ප්‍රධානත්වයෙන් සහ විශේෂ ආරාධිත ඉන්දීය  සහකාර කොමසාරිස් වෛද්‍ය අතිරා.එස් ගේ සහභාගිත්වයෙන් අද (පෙබරවාරි හත්වැනි දින ) පස්වරු වේ ග්‍රෑන්ඩ්  කැන්ඩියන් හෝටලයේ දී පැවැත්වේ.

සංගමයට වසර හැටක් පිරීම නිමිත්තෙන්, මහනුවර මාතලේ නුවරඑළිය ඇතුළු මධ්‍යම පළාතේ සියලුම රෝහල්වල  වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන්    අද (07) හෙට (08) සහ අනිද්දා (09) යන තෙදින තුළ සැසිවාර තුනක් පැවැත්වෙන අතර එහිදී විශේෂ දේශන සම්මන්ත්‍රණ විවෘත සාකච්ඡා පර්යේෂණ පත්‍ර ඉදිරිපත් කිරීම් විවාද සහ ප්‍රශ්නෝත්තර සැසි  ආදියෙන් සමන්විත වේ.

අධ්‍යාපනය ප්‍රමුඛ කර ගත් ප්‍රමුඛතම    සංවිධානය වන මහනුවර වෛද්‍ය සංගමය මගින් වෘත්තීමය හා වෛද්‍ය අධ්‍යයන ය කටයුතු වල නියැළුණු වෛද්‍ය ශිෂ්‍යයින් දැනුම සහ ආකල්ප සංවර්ධනය උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

නවීන දැනුම කාලීනව ප්‍රායෝගිකව යොදා ගැනීම සඳහා වෛද්‍යවරුන් දැනුවත් කිරීම වජ්‍ර ජයන්තියේ අරමුණ බව එම සංගමයේ වත්මන් සභාපති නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර  පවසයි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

වසර හැටක  සේවා කාලය අගයමින් මෙවර සංගමය විසින් ඉකුත් ජනවාරි 29 වැනිදා සිට  අද වන තෙක් විවිධ සම්මේලන  රෝහල් මට්ටමින් පවත්වමින් වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ දැනුම ආකල්ප කාලීනව නව්‍යයකරණයට බඳුන් කිරීමත් සංවර්ධනය කිරීමත් සිදුකළ බව හෙතෙම කියා සිටියේය. ඒ අනුව ඉකුත් ජනවාරි 29 වැනි දින නුවරඑළිය තෙල්දෙණිය ඇතුළු  විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනෙකුගේ සහභාගිත්වය ඇතුව නිර්වින්දන , දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක යන්හි සේවයේ නියුතු වෛයවරුන් අසූ දෙනෙකු වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහ‍ලේ ශ්‍රවණාගාරයේදී සම්මේලනයක් පැවැත්විය.

පෙබරවාරි පළමුවැනි දින කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට රෝගී ප්‍රතිකාර වලදී අත්‍යවශ්‍යවන පුහුණුවක්  ලබා දෙමින් කාලීන ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්වූ අතර ඒ සඳහා බදුල්ල අම්පාර සහ රත්නපුර විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වය ලැබිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය ඇතිව පෙබරවාරි දෙවැනි දින වෛද්‍යවරුන් අසූවක් වෙනුවෙන් දරුවන් සඳහා ප්‍රතිකාරවලදී අවධානය යොමු කළ යුතු සහ ප්‍රමුඛතාවය ලබාදිය යුතු කරුණු පිළිබඳව දැනුම යාවත්කාලීන කිරීමේ සම්මේලනයක් පේරාදෙණිය ශික්ෂණ  රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මේ සියලු ම වැඩසටහන් ඔස්සේ බලාපොරොත්තු වන්නේ මධ්‍යම පළාතේ සියලුම රෝහල්වල  උසස් තත්වයකින් යුත් රෝගී සත්කාර හා ප්‍රතිකාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන පසුබිම සකස් කිරීම බව සංගමයෙහි සභාපති විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා පැවසීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ මොහොතේ රට වෙනුවෙන් සියලු දෙනා එකට එකතු නොවුනොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් කරාවී…

Next Post

ජනපති ඉදිරියේ ෆොන්සේකා සජිත්ගෙන් ගේම ඉල්ලයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.