නතාෂා නෙත්මිණි –
මහනුවර රෝහලේ කොවිඩ් ආසාදිතයන් 19 දෙනා අතරට උගුර, කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෙද නිලධාරිනියන් නව දෙනෙකු ඇතුළත් වීම නිසා එම ඒකකයේ සියලු ප්‍රතිකාර කටයුතු ලබන සිකුරාදා දින තෙක් අත්හිටුවීමට මහනුවර මහ රෝහලට සිදු වී තිබේ.
නව රෝගීන් බාර ගැනීමද තාවකාලිකව අත්හිටවා ඇති නමුත් රෝහලේ සෙසු වැඩකටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන් යැයි මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රානන්දු කීවාය.
කොවිඩ් ආසාදිත රෝහල් කාර්ය මණ්ඩලයේ ළඟම ආශ්‍රිතයින් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් පෙරේදා (28) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයින් හඳුනා නොගත් බවත් වැඩබලන අධ්‍යක්ෂවරිය පැවසුවාය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට එක් අයෙකුට පමණක් අවසර ලබාදෙන අරත දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට කිසිවෙකුත් නොපැණෙන්නේ නම් එය වඩා යහපත් බවත් රෝහල් අධ්‍යක්ෂවරිය කියා සිටියාය.
උගුර කණ හා නාසය ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව 26 දින තහවුරු වීම නිසා කාර්ය මණ්ඩලයේ 71 දෙනෙක් පෙරේදා (27) දින පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ විට වෛද්‍යවරයෙකු ඇතුළු 17 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුව විය.
වෛද්‍යවරයෙකු, හෙද නිලධාරිනියන් නව දෙනෙකු, සෞඛ්‍යය කාර්ය සහායකයින් පස් දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් බවට පත්ව ඇති බව කියයි.