මහනුවර උඩ බෝවල මාර්ගයේ කොටසක් මහනුවර දංගොල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැටීමෙන් එහි සිටි 13 හැවිරිදි දැරියක් තුවාල ලැබ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට ඇතුළත් කර තිබේ.
අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ගයේ කොටසක් අද (27) අලුයම 12.30 ට පමණ මෙම නිවස මතට කඩා වැටී .තිබෙන අතර ඉන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇත.
නාය යෑම සිදුවන අවස්ථාවේ දැරිය සහ ඇගේ පියා පමණක් නිවසේ සිට ඇති අතර පස් සහ ගල් වලට යටවී සිටි දියණිය පියා විසින් බේරා ගෙන ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව රෝහල් ගත කර තිබේ.
මාර්ගය ඉරිතලා ගොස් නාය යෑමේ අවදානමක් පවතිත්දී ඒ බව ජනපති ලේකම් කාර්යාලයට සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දුන් බවත් ඉන් පසු ජනපති ලේකම් කාර්යාලය මගින් අදාළ ලිපිය ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවට යොමු කර කඩිනමින් අවශ්‍යය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබියදී කිසිදු නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවත් නිවසේ හිමිකරු වන කරුණාරත්න බණ්ඩා කීය.
උඩ බෝවල මාර්ගයේ තවත් විශාල ප්‍රදේශයක් ඉරි තලා ගොස් තිබෙන අතර ඉදිරියේදී එම කොටසද නාය යෑමේ අවදානමකට ලක්ව ඇත.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ ඒකකය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අදාළ ස්ථානය අද (27) පරීක්ෂාවට ලක්කර තිබේ.