මහනුවර බෝගම්බර දුර සේවා බස් අංගනයේ අතරමංව සිටි වයස අවුරුදු 23 ක තරුණියක් ආරක්ෂිත ස්ථානයකට කැටුව යන බව කියමින් කොළඹ මහනුවර පෞද්ගලික බස් රථයට නංවාගෙන මහනුවර උසාවි සංකීර්ණ පෙදෙසට රැගෙන ගොස් ඇයව දූෂණය කළ බව කියන සිද්ධියට සැකපිට රියදුරු සහ කොන්දොස්තර වරයා මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරිගොඩ දෙවනගල මාවනැල්ලේ හි පදිංචි හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකු සහ මහනුවර හන්තාන පහළ කොටසේ පදිංචි පනස් දෙහැවිරිදි පුද්ගලයෙකි.
මහනුවර නගරයේ බෝගම්බර දුර සේවා බස් අංගනයේ දී පෙරේදා ( 17 ) රාත්‍රී හතට පමණ මෙම අපරාධය සිදු ව ඇතිබව තරුණිය පොලීසියට පවසා ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
දෙමව්පියන් අහිමි මෙම තරුණිය නිවෙස් වල බැලමෙහෙවරකම් කරමින් මුදල් උපයා ඇති අතර අවසන් වරට සේවය කළ නිවසේ ගුටිබැට ප්‍රහාරයට ලක් වූ ඇය පෙරේදා (17) දා හවස එම නිවසෙන් රහසිගතව පිටත්ව ගොස් ඇත. ඇය මේ බව සිය පෙම්වතා සමග ප්‍රකාශ කර ඇතැයිද පැවසේ.
සේවය කළ නිවසින් පැන ආ බැවින් ඔවුන් ඇයව සොයා ගනු ඇතැයි ද එහෙයින් ඥාතියෙකුගේ නිවසට යන ලෙස පැහැදිලි කොට පෙම්වතා විසින් ඇයව නුවරඑළිය බස් රථයකට නංවා ඇතැයි ද ඇය විසින් ප්‍රකාශ කොට තිබේ.
නමුත් ඇය නැවතත් එම බස් රථයෙන් බැස මහනුවර බෝගම්බර බස් නැවතුම් පොළ වෙත පැමිණ ඇති අතර එහිදී කුමක් කරන්නේ ද යන්න සිතමින් සිටින සිටින විට මෙම රියදුරු සහ කොන්දොස්තරවරයා තමන්ව ආරක්ෂිත තැනකට රැගෙන යන බව කියමින් බස් රථයට නංවා ගත් බවද ඇය විසින් පවසා තිබේ