ශ්‍රී ලංකා මුහුදු සීමාව බලහත්කාරයෙන් ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් 43ක් නාවික හමුදාව විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
ඩෙල්ෆ්ට් දූපත ආසන්නයටම පැමිණ මසුන් මරමින් සිටි මෙම පිරිස ධීවර යාත්‍රා 06කින් පැමිණ තිබිණි.
ධීවර යාත්‍රා ද පිරිස සමගම නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළේය..