මහනුවර සහකාර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ඉන්දියානු මහ කොමසාරිස් වෛද්‍ය අතීරා.එස් ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ 77 වන නිදහස් දින සැමරුම් උළෙල චාම් සහ ගාම්භීර ආකාරයෙන් අද (15) මහනුවර දී පැවැත්විනි.
මහනුවර සහකාර මහකොමසාරිස් නිල නිවසේ දි පැවති මෙම උත්සවයේ දි සහකාර මහකොමසාරිස්වරිය විසින් ඉන්දියානු ධජය එසවීමෙන් අනතුරුව 77 වන නිදහස් දිනයට පෙර දින ජාතිය අමතමින් ඉන්දියානු ජනාධිපති කළ දේශනය කියවනු ලැබුවාය.
දේශීය කලාකරුවන් විසින් ඉදිරිපත් කළ ඉන්දියානු සම්භාව්‍ය සංස්කෘතිකාංග උත්සවය තවත් හැඩ කළේය.
ඉන්දියානු ජාතිකයින්, ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයින්, සම්භාවනීය ආරාධිතයින්, ඉන්දියාවේ මිතුරන් සහ මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක් වූහ.