බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර අතිශය වැදගත් විදුලි උපපොලක ප්‍රවේශ මාර්ගය වසා දමා මහින්දානන්ද ගේ ඇම්බැට්යෙක් ඉදිකළ හෝටලයක් ගැන විදුලි බල මණ්ඩලය යළි විමර්ශන අරඹයි…

by editor
මැයි 22, 2025
in පුවත්
මහින්දානන්ද ඇම්බැට්ටයාගේ හෝටලය...

මහින්දානන්ද ඇම්බැට්ටයාගේ හෝටලය...

Share on FacebookShare on Twitter

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ආධාරකරුවෙකු විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රධාන ස්ථාන ගණනාවකට විදුලිය බෙදා හරින විදුලි උප පොළක ප්‍රවේශ මාර්ගය අවහිරකර හෝටලයක් ඉදි කිරීමත්, මෙම ඉදිකිරීම ඉවත්කිරීමට ගිය සෑම අවස්ථාවකම මහින්දානන්ද අලුත්ගමගේ මැදිහත්ව විදුලි බල මණ්ඩලයට බලපෑම් කිරීමත් පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය නැවත පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම හෝටලය වසර 15 ක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන එකකි. එහි හිමිකරුවා පෘතූ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයෙකි. මේ තැනැත්තා කඩුගන්නාව ප්‍රදේශයේ දී සිදුකළ මිනී මැරුමක් සම්බන්ධ නඩුවක සැකකරුවෙක් බවත් නඩුවේ අවසන් භාගය වනවිට ඔහු හිටි හැටියේ රටින් අතුරුදහන් වී ඇති බවත් පොලිස් විමර්ශන අංශ අප කළ විමසිමක දී පැවසුවේය.  ඔහුගේ බිරිය පවසා ඇත්තේ ඔහු හිටි හැටියේ අතුරුදහන් වූ බවකි. විශ්වාසනීය තොරතුරු ප්‍රකාරව ඔහු මේ වනවිට යුරෝපීය රටක ජීවත් වෙමින් සිටී.  දැන් මේ හෝටලය වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරමින් ඔහුගේ බිරිය විසින් පවත්වාගෙන යන බව අනාවරණය වී ඇත.

හෝටලය ඉදිකර ඇත්තේ රජයේ ඉඩමකය. මෙය අනවසර ඉදිකිරීමකි.  එම ඉදිකිරීමෙන් ප්‍රවේශ මාර්ගය අවහිරවීම නිසා මේ කාලය තුළම විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් නඩත්තු කටයුතු සඳහා අදාල උප පොල වෙත ප්‍රවේශ වී ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ තාප්පයට ඉණිමගක් සම්බන්ධ කරමිනි.

මහින්දානන්ද ඇම්බැට්ටයා    කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට යාබද අතිශය වටිනා භූමියක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන හෝටලය ඉදිකිරීමෙන් අනතුරුව විදුලි උප පොළට ප්‍රවේශවීම සඳහා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පිවිසුම් දොරටුවද වසාදමා තිබී ඇත්තේ දේශපාලන හයිය පාවිච්චි කරමිනි.

ප්‍රවේශ මාර්ගයක් නොමැතිව වල් වැදී ඇති විදුලි උප පොළ…

සියලුම රජයේ නිලධාරීන් අකර්මන්‍ය කළ මහින්දානන්දගේ මැරකම

හෝටලය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු යළි සලකා බලමින් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල විමර්ශන කළමනාකර ඉන්දික ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් අද (22) යළිත් එහි ගොස් ඇත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මෙම අවස්ථාවට ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ සහකාර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ජයරත්න ද මාර්ග සංවර්ධන හා නගර සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ද සහභාගි වී සිටියහ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය ඉදිරිපිට සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල් පරිශ්‍රයට යාබදව පිහිටා ඇති මෙම විදුලි උප පොළට සිදුකර ඇති අගතිය සම්බන්ධයෙන්  වසර ගණනාවක පටන් විදුලි බල මණ්ඩලය විරෝධතා ගොනු කළද ඉඩම් කොමසාරිස්වරයා පවා දැනුම්වත් කළ ද  මේ දක්වා කිසිදු සාධාරණ විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ බවය.

උප පොලේ වැදගත්කම   

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය ශික්ෂණ රෝහල හා සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල වෙත විදුලිය ලබාදෙන භූගත විදුලි රැහැන් පද්ධතිය පවතින්නේ මේ උප පොළ ආශ්‍රිතවය. එම පද්ධතියේ අලුත් වැඩියා හෝ නඩත්තු කටයුතු සඳහා මෙම ප්‍රදේශය ආශ්‍රිතව භූමි කැණීම් සිදුකළ යුතු බව කී විමර්ශන නිලධාරීන් මෙම හෝටලය ඉදිකිරිම හේතුවෙන් එම කැණීම් කටයුතු සිදුකළ නොහැකි වී ඇතැයි පෙන්වා දුන්නේය.

නිලධාරින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත හදිසි විදුලි කාන්දුවක් වැනි දෙයක් සිදු වුවහොත් ඉතාමත් භයානක තත්ත්වයක් උද්ගතවන වන බවය.

මෙම උප විදුලිපොළ ආශ්‍රිතව විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙන තත්ත්වයක් තුළ සිදුකළ යුතු අත්‍යාවශ්‍ය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබුණ ද  මෙම හෝටලය  ඊට දැඩි බාධාවක් වී තිබෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.

විමර්ශනය සඳහා පැමිණි නිලධාරීන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය දෙසින් ඇති ප්‍රවේශ මාර්ගයේ ඇති දොරටුව විවෘත කර සිදුකළ පරීක්ෂාවේ දී පෙනීගොස් තිබෙන්නේ විදුලි උප පොළ වෙත ළඟා වීමට නොහැකි සේ එම මාර්ගයේ ගෑස් සිලින්ඩර් ඇතුළු භාණ්ඩ ගොඩගසා තිබෙන බවය.

හදිසියේ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියහොත් සිදුවිය හැකි විනාශය පිළිබඳ සිතා ගැනීමටවත් නොහැකි බව ද විමර්ශන නිලධාරීහූ පැවසූහ.

හිමිකරු ලෙස ඉදිරිපත් වු තැනැත්තා කළ ප්‍රකාශය

තමා වසර 15 කට අධික කාලයක් තිස්සේ වෙළඳසැල පවත්වාගෙන යන බවත් ඒ සඳහා වරිපනම්, ජල සහ විදුලි ගාස්තු ගෙවන බවත් අදාළ අංශ වෙතින් ඒ සඳහා අවසරයක්ද ලබාගෙන ඇති බවත් හෝටලයේ හිමිකරු විදුලි බල මණ්ඩලයේ නිධාරීන්ට පවසා ඇත.

ඔහු ප්‍රකාශ කරන්නේ විදුලි බල මණ්ඩලයට අවශ්‍යනම් දිවා රාත්‍රි කාලය පුරාම මෙම දොරටුව විවෘත කර තිබිය හැකි බවය. ඔහුට අනුව   එම විසඳුම පිළිගන්නේ  නැතිව හෝටලය මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට කියනවා නම් එය බරපතල අසාධාරණයක් බවය.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ විමර්ශන කළමනාකරු ඉන්දික ප්‍රනාන්දු අප කළ විමසුමක දී ප්‍රකාශ ක‍ළේ විමර්ශන කටයුතු අඛන්ඩව සිදුකර විදුලි උපපොළ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙගල්දෝරුව රජ මහා විහාර භූමියෙන් පිඹුරු පැටවු 14ක් හමුවෙයි…

Next Post

කල්කුඩා සිංහල පාසලේ දරුවෝ ජනපති තුමාගෙන් – අගමැති තුමියගෙන් අධ්‍යාපන අයිතිය ඉල්ලති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.