අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර බස්නායක නිලමෙලාගේ “ඇසිඩ් කෙළිය“ පත්තුවෙන ලකුණු…

මේ අධි ආරක්ෂිත කලාපයට පරීක්ෂාවට ලක් නොවී විෂ රසායන ගෙනෙන්නට හැක්කේ ප්‍රභූ අතලොස්සකට පමණයි. පොලිසිය කියයි...

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
Acid
Share on FacebookShare on Twitter

මහනුවර ඇසළ පෙරහර ආරම්භ කරමින් පැවති පළමු කුඹල් පෙරහර දා නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ සහ නිලමේ වරයාගේ සම්බනධීකරණ ලේකම්වරයාට අයත් වාහන වලට එල්ල වූ රසායනික ද්‍රව්‍ය ප්‍රහාරය සම්බන්ධ බරපතල සැකයක් ඇති වන බවත් එවැනි රසායනික ද්‍රව්‍යයක් පරීක්ෂාවකින් තොරව එවැනි අධි ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යා හැක්කේ දළදා මළිගාවේසහ හතර මහා දේවාලයේ රාජකාරි කරන ඉහළම ප්‍රභූ වරුන්ට පමණක් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

දැනට ලංකාවේ පූජා භූමි වලින් අධි ආරක්ෂිත කලාප සේ සලකා ඉහළම ආරක්ෂාව සපයා ඇත්තේ දළදා මාළිගාවට, ජය සිරිමහා බෝධියට හා රුවන්වැලි සෑ පරිශ්‍රයට සහ කතරගම දේවාල භූමියට පමණක් බවත් ඒ අතුරින් පෙරහර සමයේ දළදා මාළිගා පරිශ්‍රයට ඉහළම ආරක්ෂාව සැපයෙන බවත් එම ආරංචි මාර්ග කියයි.

“ ඉහළම පෙළේ ප්‍රභූ වරුන් අතලොස්සගෙ හැර අනෙක් සියලුම දෙනාගෙ වාහන හා ගමන් මළු පරීක්ෂා කරනවා. මෙහෙම දෙයක් සඟවා රැගෙන යන්නට හැකි අවකාශය තිබෙන්නේ අතලොස්සකට පමණයි.“ පොලිස් ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මේ වනවිට සිද්ධිය පිළිබඳ අධිකරණයට වාර්තා කර රසායන ද්‍රව්‍යවල සාම්පල රස පරීක්ෂකවරයාට යැවීමට කටයුතු කර ඇති බවත් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.

මේ සිද්ධියත් සමග දළදා මාළිගාවේ පරිපාලනය තිගැස්සී ඇති බව දැනගන්නට ඇත. පෙරහරට සිවු දිගින් ගෙනා ඇත් පන්තිය රඳවා ඇත්තේ මේ අසලය. මේ හේතුවෙන් ඇතුළු පෙරහර දවසට දැඩි ලෙස ආරක්ෂාව තර කිරීමට තීරණය වී ඇත.

පෙරහර සංවිධානය කරන මූලික රැස්වීම්වල දී කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වූ ගැමුණු බණ්ඩාර වලිසුන්දර පෙරහර සංචාරය කරන අවස්ථාවල සියලුම අඳුරු ස්ථාන අධි විදුලි ආලෝක ධාරා යොදා ආලෝකවත් කළ යුතු බවට දැඩිව ඉල්ලා සිටියේය.

තමන්ගේ වාහනයට සහ නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ වාහනයට රසායනික ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පත්තිනි දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා වන හේමන්ත බණ්ඩාර යැයි තමන් සැක කරන බව මහනුවර නාථ දේවාලයේ සහ මහියංගනය සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීගායු අබේනායක පවසා තිබිණි.

එහෙත් පත්තිනි දේවාලයේ බස්නාය නිලමේවරයා වූ හේමන්ත බණ්ඩාර  ඒ චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ තරහ මරහ ඇති බව සැබෑ මුත් මෙවැනි බාලාංශ වැඩ නොකරන බවත් ගහගන්නවා නම් එළිපිට පැමිණ මුහුණට මුහුණ බවත්ය.

සිද්ධිය සම්බන්ධ විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන බව පොලිසිය පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර පෙරහරේ ජෛව බුබුළ තුළ කොවිඩ් !

Next Post

වැඩිම දෛනික කොවිඩ් මරණ වාර්තා වේ… මරණ 171 යි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.