දිනසේන රතුගමගේ –
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටිමින් යාපනයේ පළාත් කීපයක නිවෙස් වලින් රන් භාණ්ඩ මුදල් හා වෙනත් දේ හොරකම් කළ කාන්තාවක් තොණ්ඩමානාරු ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් විසින් අල්ලා 12 දා පොලීසිය වෙත බාර දී තිබේ.
ඇය යාපනයේ බොහෝ නිවෙස්වලට ඇතුළු වී නිවස්වල සෑම තැනක්ම පරීක්ෂා කොට ඇත්තේ වර්ෂාවත් සමගම විවිධ විෂබීජ නිවෙස් තුළට පැමිණ ඇති බවත් එසේ විෂබීජ ඇති නිවෙස්වලින් පිරිස් ඉවත් කොට ඔවුන්ට ආධාර ලබා දෙන බව පවසමිනි.
යාපනයේ තවත් නිවාස කීපයකට ඇය පැමිණ ඇත්තේ නිවාස තුළ කොරෝනා විෂ බීජ පරීක්ෂා කිරීමට බවය.
ඇය මෙසේ නිවෙස්වලට යමින් නිවෙස් වල රන් භාණ්ඩ මුදල් ජංගම දුරකතන ඇතුළු බොහෝ දේ සොරකම් කොට ඇති අතර යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයින් පිරිසකට මේ ආරංචිය ලැබීමෙන් පසුව ඇය නිවසක් පරීක්ෂා කරණ අවස්ථාවේදී නිවෙස් හිමියන් සමග තරුණ පිරිස දැඩි අවධානයකින් සිට ඇත.
එම නිවසේ තිබූ රන් භාණ්ඩ සොයා ගෙන ඒවා කාන්තාවගේ අත් බෑගයට දමා ගැනීමෙන් පසුව ඇයව අල්ලා පොලීසියට බාර දී තිබේ.
යාපනයේ වැල්වෙටිතුරෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.