කීර්ති ප්‍රනාන්දු
මෙතෙක් කාලයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සහ උප තැපැල් කාර්යාල, තැපැල් කාර්යාල හරහා ලබාදුන් මහජන ආධාර , ආබාධිත දීමනා, වැඩිහිටි දීමනා, වකුගඩු රෝගී දීමනාව , මෙම මාසයේ සිට සමෘද්ධි බැංකු හරහා ගෙවීමට කර ඇති තීන්දුව සමඟ එම ප්‍රතිලාභීන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇතැයි වාර්තා වේ.
සැප්තැම්බර් මාසය සඳහා නියමිත ආධාර මුදල් මේ වනතුරු ලැබී නැතැයි පවසන ප්‍රතිලාභීන් මෙම මාසයේ සිට මුදල් ලබා ගැනීමට නම් තම ප්‍රදේශවල පිහිටි සමෘද්ධි බැංකු වෙත ගොස් ගිණුමක් විවෘත කළ යුතු බවත් මින් ඉදිරියට එම ආධාර මුදල් සමෘද්ධි බැංකු මගින් ලබා ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ තැපැල් කාර්යාල මගින් දැනුම් දුන් බව ද ඔවුහු කියා සිටිති.
මින් පෙර පැවති ක්‍රමවේදයට අනුව තම මාසික ආධාර මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ තැපැල් කාර්යාල මගින් කිසිදු බාධකයකින් තොරව නියමිත දිනට ලබා ගනිමින් තම ප්‍රතිකාර සහ ආහාර අවශ්‍යතා නිසි පරිදි කරගත් බවද එම ප්‍රතිලාභීන් පෙන්වාදෙයි .
එහෙත් මේ වන විට මෙම සැප්තැම්බර් මාසය සඳහා ආධාර මුදල් මේ වන විටත් ලැබී නැතැයි පවසන ප්‍රතිලාභීන් පවතින ඉන්ධන අර්බුදය හමුවේ කුලී ත්‍රීරෝද රථයක් හෝ සොයා ගත නොහැකි තත්ත්වයක් තුළ තමන් හට සමෘද්ධි බැංකු වෙත ගොස් ප්රතිලාභ ලබාගැනීම දුෂ්කර වී ඇතැයිද කියයි .
ඒ අතර ඇතැම් ප්‍රතිලාභීන් පවසන්නේ සමෘද්ධි බැංකු වෙත ගොස් ගිණුම් විවෘත කර සිටිය ද ඇතැම් සමෘද්ධි බැංකු මගින් තමන්ට හිමි බැංකු පොත ද තවමත් .ලබා දී නැති බවයි
.මේ වන විට රට තුළ පවතින්නේ සමෘද්ධි බැංකු 1074 ක් වූ ප්‍රමාණයක් වන අතර රට පුරා තැපැල් කාර්යාල සහ 4000ක් පමණ පවතින බව වාර්තා වේ.