-
මහජන අරගලවලට එක්වී අලුත් අත්දැකීමක් ගන්න එන්නැයි ස්කයි නිවුස් අන්තර්ජාතික පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් විදේශිකයන්ට රනිල් කිව්වෙ මාස දෙකකට එපිටදි… එතකොට ඔහු රටේ අගමැති…
ගෝඨාගෝගම මහජන විරෝධතාවලට සහය දැක්වූ විදේශික තරුණියකට වීසා කොන්දේසි උල්ලංඝණයකිරීම සම්බන්ධව චෝදනා කර ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.
මෙම ගමන් බලපත්‍ර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ Kayleigh Fraser නැමැති ස්කොට් ජාතික තරුණිකයකගේය.
දින 7ක් ඇතුළත පරීක්ෂණයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසට ද ඇයට දන්වා ඇත.
Sri Lankan immigration officials have seized the Passport of a foreigner who supported GotaGoGama public protests accusing her of violating visa conditions https://t.co/C5dTHIjp5z pic.twitter.com/3lTJvx7Og3
— NewsWire 🇱🇰 (@NewsWireLK) August 2, 2022
කෙසේ වෙතත් පසුගිය මැයි මස 20 දා හිටපු අගමැතිවරයා වූ වත්මන් ජනාධිපති ස්කයි නිවුස් ආයතනයට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය.
එහිදී මාධ්‍යවේදියා වත්මන් ජනපති වරයා වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් මෙසේ විමසුවේය.
මේ අවස්ථාවෙ ඔබට විදේශිකයින්ට ආරාධනා කරනන් පුළුවන් ද ලංකාව සුරක්ෂිතයි… ඇවිත් යන්න කියලා…“ මාධ්‍ය වේදියා විමසුවේය.
“අලුත් අත්දැකීමක් ලබන්න කැමති විදේශිකයන්ට ලංකාවෙ සංචාරය කරන්න පුලුවන්. ඒ වගේම ඔවුන්ට විරෝධතා වලටත් සම්බන්ධ වෙන්න පුලුවන්.“
“සමහර විට ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා ඔවුන්ටත් පුලුවන්. විරෝධතා පුවරු රැගෙන ඉන්න හැකියි… ඒ වගේම අගමැතිට ගෙදර යන්න කියන්නත් පුලුවන්. ඔවුන්ට එවැනි විවිධ විකල්ප තියනවා.“ අගමැතිවරයා කීවේය.
රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති ලෙස ස්කයි නිවුස් වෙත ලබා දුන් සාකච්ඡාව පහතින් දැක්වේ.
I am not sure whether to laugh or cry 🤦♂️🤦♂️#lka #aragalaya #slnews pic.twitter.com/ysXK6bC71h
— Dulith Herath (@DulithHerath) May 20, 2022