මන්ත්‍රි විශ්‍රාම වැටුප අහිමි කළ විට ජීවත් වන්නට විදිහක් නැතිනම් අස්වැසුම ලබා දිය හැකි බවත් එවැනි අයෙක් සිටී නම් අස්වැසුමට ලියන ලෙසත් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ පැවසුවේය.
පෙරේදා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක ප්‍රසිද්ධියේ කියා සිටියේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළොත් මරාගෙන මැරෙන්නට සූදානම් බවය. තමන් ගරිල්ලා භටයෙක් බවත් උපාධිය පසෙක දමා තුවක්කුව ගත් අතීතයක් තමාට ඇති බවත් නන්දන ගුණතිලක සිහි කළේය.
එම කතාවට පිළිතුරු දෙමින් වසන්ත සමරසිංහ ඇමතිවරයා මෙසේ පැවසුවේය.
“මන්ත්‍රි විශ්‍රාම වැටුප අපි අහෝසි කරනවා. එ් නිසා අපි කියන්නේ ජනතාවට තියන කාලෙට මේ ගොල්ලන්ටත් හම්බවෙයි. එහෙම නැතිව තම තමන්ට පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නැ. ඒක අපි ඡන්දෙට කලිනුත් කිව්වා. ඒක අපි ක්‍රියාත්මක කරනවා.”
“ඒ නිසා කාටවත් මරාගෙන මැරෙන්න දෙයක් නෑ. පෙන්ෂන් එක අහිමි කලාට පස්සේ ජීවත් වෙන්න විදිහක් නැතිනම් අස්වැසුම දෙන්නම්. අස්වැසුම ට ලියන්න. අස්වැසුමක් හදා ගත්තහැකි. “ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ පැවසුවේය.”







