බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරන්න පෙර ගෙන්වා ගන්න… ඉඳුල් කකා කළුවර කාමරයක දුක් විඳිමින් ඉන්නා සෞදි ගෘහ සේවිකාවකගෙන් ආයාචනයක්!

by editor
ජූලි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

“මට දැන් අවුරුද්දක් තිස්සේ ගහනවා, බහිනවා, බරවැඩ දෙනවා, වැඩ කරන ගෙදර අය කාලා කුණු කූඩෙට දාන ඉතිරි ඒවා තමයි මම මාස කීපයක් කන්නේ, මාව කළුවර කාමරයකට දාලා, හිර කරගෙන දස වද දෙනවා… මාස කීපයක් පඩි දුන්නෙත් නැහැ, මාව මරාගන්න ඉස්සර ලංකාවට ගෙන්නා ගන්න…”

ජීවිතය බේරා දෙන ලෙස මෙසේ හඬා වැටෙන්නී සෞදි අරාබියේ රැකියාවට ගිය ගෘහ සේවිකාවකි. දිඹුලාගල වෙහෙරගම අංක 248 ලිපිනයේ ඇය ජී.පී ධම්මිකා පද්ම කුමාරි ය.

ධම්මිකා 51 වියැති එක්දරු මවකි. ඇය 2024 ජුලි 03 වෙන දින සෞදි රටේ ගෘහ සේවයට ගොස් ඇත්තේ එකම දියණියට ඉගැන්වීම් කටයුතු කිරීමට සහ ස්ථිර නිවසක් ඉදිකර ගැනීම සඳහා කීයක් හෝ ඉතිරි කරගැනීමටය.

කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මගින් සවුදි රටේ ගෘහ සේවයට ගිය තම මව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ හත හමාරක් විදේශ රැකියා ආයතනයෙන් ඉල්ලා සිටින බවත්, එවැනි මුදලක් උපයා ගැනීමට කුලී වැඩ කරන පියාටත්, තමන්ටත් නොහැකි බවත් ධම්මිකා පද්මකුමාරිගේ දියණිය කුමුදුනි තාරුකා ගමගේ සඳහන් කළාය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

තම පියා මේ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ජුලි හත් වෙනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, එවිට ඒජන්සිය හරහා ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ඔවුන් උපදෙස් ලබාදුන් බවද තාරුකා ගමගේ කීවාය.

තම මවට නිවැසියන් පහරදී මවගේ ජීවිතයට කරදරයක් වීමට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට, අවශ්‍ය කටයුතු කරදෙන ලෙස තමා විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද කුමුදුනි හඬා වැළපෙමින් පැවසුවාය.

” මට ඒජන්සියකිනුත් ගහලා වෙනත් ගෙදරකට දැම්මා. දැන් ඒ ගෙදර අය කළුවර කාමරේක දාලා මට හිරිහැර කරනවා. කන්න බොන්න දෙන්නෙ නැහැ. ගෙදර අය කාලා කුණුකූඩෙට දාන ඉතිරි ඒවා තමයි මම දැන් මාස කීපයක් තිස්සේ කන්නේ. දුවට උගන්නා ගන්නයි, ස්ථීර ගෙයක් හදාගන්නයි, කියලා තමයි මම ගෘහ සේවයට ආවේ. නමුත් මේ ගෙදර මිනිස්සු මට දසවද දෙනවා, මාව මරාගන්න ඉස්සර ලංකාවට ගෙන්වා ගන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මම දැන් ගොඩක් අමාරුවෙන් ඉන්නේ. සෞදියේ කළුවර කාමරයක සිරකරගෙන සිටින ජී.පී ධම්මිකා පද්ම කුමාරි තමන්ට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳව දුරකථනයෙන් කීවාය.

මෙම කාන්තාව සෞදි රටේ ගෘහ සේවයට යැවීමට මැදිහත් වූ කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී ආයතනය වෙනුවෙන් කතා කළ පුද්ගලයා සඳහන් කළේ ඇය ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ හතහමාරක් සූදානම් කරගන්නා ලෙසත්, එසේ නොමැතිව තම ඒජන්සියට කතා නොකරන ලෙසත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට අධි චෝදනා භාර දෙයි!

Next Post

අන්තිම මොහොත වෙන තුරු නොසිට ඉල්ලීමක් කරන්න… කණ්ඩලමේ හැඩකාරයා ගොඩ දාන්නම්!… පෙරාදෙණිය පශු වෛද්‍ය මහාචාර්ය අශෝක දංගල්ල කියයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.