තුර්කියත් සිරියාවත් ලෝකයම මළ ගෙයක් කළ ඛේදවාචකයකය. සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේත් දකුණු සිරියාවේත් ඇත් වූ බිහිසුණු භූමි කම්පාවෙන් පසු ගොඩනැගිලි සුන්බුන් අතර වැළලී දහස් ගණනක් මිය ගොස්ය.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ රිච්ටර් මාපකයේ 7.8 ක කම්පනය එක්සත් ජනපද වේලාවෙන් පස්වරු 04:17 ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.47ට පමණ) ගාසීඅන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී ඇති ව තිබෙන බවයි.
![](http://lankasara.com/wp-content/uploads/2023/02/128532040_turkey_gaziantep_quake1.jpg)
රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඇති වී තිබුනේ තුර්කි වෙලාවෙන් සඳුදා අලුයමය. මිනිසුන් නිදා සිටියදී ය. මිනිස්සු බොහෝ දෙනෙක් වැළලී ගියේ නිදි පැදුරේය. එතැන් සිට පසු කම්පන දුසිම් ගනනක් ජීවත්වී සිටි මිනිස්සුන්ට දැනී තිබිණි.
තුර්කියේ පමණක් මේ වනවිට ඇස්තමේන්තුගත මරණ ප්‍රමාණය 1200කි. දැනට තුර්කි වැසියන්ගේ මරණ 912ක් වාර්තා වී ඇති බව තුර්කි ජනාධිපති රෙසෙප් එර්ඩෝගන් ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා පවසන්නේ අවම වශයෙන් තුර්කි වැසියන් 5,383 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය. තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත් සුලෙයිමාන් සෝයිලු පැවසුවේ තුර්කියේ නගර 10 කට බලපෑම් එල්ල වී ඇති බවයි: ගාසියාන්ටේප්, කහමරන්මාර්ෂ්, හාටයි, ඔස්මානියේ, ආඩියාමාන්, මලටියා, ෂාන්ලුර්ෆා, ඩානා, ඩියාර්බකා සහ කිලිස් යනු එම නගරය.
![Turkey](http://lankasara.com/wp-content/uploads/2023/02/0d5579da-f6b8-46d3-93bc-9e1b0d6a173e.jpg)
සිරියාවේ පුද්ගලයන් 230 කට වැඩි පිරිසක් මිය ගිය බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඇලේපො, ලටාකියා, හමා සහ ටාටස් යන පළාත්වල පුද්ගලයන් මියගොස් ඇති බවයි. සිරියානුවෝ දහස් ගණනක් පිරිසක් තුවාල ලබා සිටිති.
දෙරටේම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැවැන්ත භූමිකම්පාවෙන් පසු දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මුදා ගැනීමේ මෙහෙයුම් අරඹා තිබේ. දෙරටේම ගොඩනැගිලි සිය ගණනක් කඩා වැටී ඇත. මිනිස්සු සුන්බුන්වල සිරවී තවමත් පණ අදිමින් සිටිති.
![Turkey](http://lankasara.com/wp-content/uploads/2023/02/cd16029a-a89b-49df-8ddb-73ffe874a5ff.jpg)
තුර්කිය ආධාර සඳහා ජාත්‍යන්තර ආයාචනයක් නිකුත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු ලෝක නායකයින් ආධාර යැවීමට ප්‍රතිඥා දී ඇත.
තුර්කිය, සිරියාව, ලෙබනනය, සයිප්‍රසය සහ ඊශ්‍රායලය පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට භූමිකම්පාව දැනී ඇත.
තුර්කිය පිහිටා ඇත්තේ ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී භූමිකම්පා කලාපයක ය.
මීට පෙර 1999 වසරේදී, රටේ වයඹ දෙසින් ඇති වූ බලවත් කම්පනයකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගියහ.
තුර්කියේ මලටියා නගරයේ භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර මිනිස්සු සොයමින්….