බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණ දහස පනී…. තුර්කිය සිරියාව මළගෙයක් කළ ලෝකයේ ඛේදවාචකය….

by editor
පෙබරවාරි 6, 2023
in පුවත්
සුන්බුන් අතර ජීවිත සොයමින්...

සුන්බුන් අතර ජීවිත සොයමින්...

Share on FacebookShare on Twitter

තුර්කියත් සිරියාවත්  ලෝකයම මළ ගෙයක් කළ ඛේදවාචකයකය. සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේත් දකුණු සිරියාවේත් ඇත් වූ බිහිසුණු භූමි කම්පාවෙන් පසු ගොඩනැගිලි සුන්බුන් අතර වැළලී  දහස් ගණනක් මිය ගොස්ය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ රිච්ටර් මාපකයේ 7.8 ක කම්පනය එක්සත් ජනපද වේලාවෙන් පස්වරු 04:17 ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.47ට පමණ) ගාසීඅන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී ඇති ව තිබෙන  බවයි.

භූ කම්පනය ඇතිවුන කලාපය

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඇති වී තිබුනේ තුර්කි වෙලාවෙන් සඳුදා අලුයමය. මිනිසුන් නිදා සිටියදී ය. මිනිස්සු බොහෝ දෙනෙක් වැළලී ගියේ නිදි පැදුරේය.  එතැන් සිට පසු කම්පන දුසිම් ගනනක් ජීවත්වී සිටි මිනිස්සුන්ට දැනී තිබිණි.

තුර්කියේ පමණක් මේ වනවිට ඇස්තමේන්තුගත මරණ ප්‍රමාණය 1200කි. දැනට තුර්කි වැසියන්ගේ මරණ 912ක් වාර්තා වී ඇති බව තුර්කි ජනාධිපති රෙසෙප් එර්ඩෝගන් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා පවසන්නේ අවම වශයෙන් තුර්කි වැසියන් 5,383 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය. තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ සුලෙයිමාන් සෝයිලු පැවසුවේ තුර්කියේ  නගර 10 කට බලපෑම් එල්ල වී ඇති බවයි: ගාසියාන්ටේප්, කහමරන්මාර්ෂ්, හාටයි, ඔස්මානියේ, ආඩියාමාන්, මලටියා, ෂාන්ලුර්ෆා, ඩානා, ඩියාර්බකා සහ කිලිස් යනු එම නගරය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

 Turkey
බිඳ වැටුණු ගොඩනැගිලි අතර ජීවිත සොයමින්….

 

සිරියාවේ පුද්ගලයන් 230 කට වැඩි පිරිසක් මිය ගිය බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඇලේපො, ලටාකියා, හමා සහ ටාටස් යන පළාත්වල පුද්ගලයන් මියගොස් ඇති බවයි. සිරියානුවෝ  දහස් ගණනක්  පිරිසක් තුවාල ලබා සිටිති.

දෙරටේම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැවැන්ත භූමිකම්පාවෙන් පසු දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මුදා ගැනීමේ මෙහෙයුම් අරඹා තිබේ. දෙරටේම ගොඩනැගිලි සිය ගණනක් කඩා වැටී ඇත. මිනිස්සු සුන්බුන්වල සිරවී තවමත් පණ අදිමින් සිටිති.

 Turkey
සුන්බුන් අතර ජීවිත සොයමින්…

තුර්කිය ආධාර සඳහා ජාත්‍යන්තර ආයාචනයක් නිකුත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු ලෝක නායකයින් ආධාර යැවීමට ප්‍රතිඥා දී ඇත.

තුර්කිය, සිරියාව, ලෙබනනය, සයිප්‍රසය සහ ඊශ්‍රායලය පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට භූමිකම්පාව දැනී ඇත.
තුර්කිය පිහිටා ඇත්තේ ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී භූමිකම්පා කලාපයක ය.

මීට පෙර 1999 වසරේදී, රටේ වයඹ දෙසින් ඇති වූ බලවත් කම්පනයකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගියහ.

තුර්කියේ මලටියා නගරයේ භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර මිනිස්සු සොයමින්….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලාෆ් ගෑස් මිල නගී!

Next Post

තායිලන්තයේ රැකියා පෙන්නා ලාඕසයට රැගෙන ගොස් පුද්ගලයින අතරමංකළ මිනිස් ජාවාරම්කරු රිමාන්ඩ්….

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.