මොළයෙන් සිතා වැඩ කරන හැම දෙනාම මේ අවස්ථාවේ සහයෝගය දෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බවත්, දුෂ්කරම මොහොතේ රට සහ ජනතාව බේරාගත් ජන නායකයා වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි පැවසුවාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ ගෑස් සිලින්ඩරය ලකුණුනි තරග වදින ස්වාධින අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පලකිරීම සඳහා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” මංගල ජන රැළිය අමතමිනි.
“වසර 32ක් වූ මගේ දේශපාලන ජීවිතයේ ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවීම සඳහා මම පෙනී සිටිනවා. මා පමණක් නොවෙයි, මෙහි සිටින අප සියලුදෙනාගෙන් බහුතරයක් අද ප්‍රථම වරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටිනවා. අප කිසි දිනෙක ස්වාධීන අපේක්ෂකයෙකුට උපකාර කර නැහැ. “
“නමුත් අප අද පාට පක්ෂ භේද කිසිවක් නොසලකා ස්වාධීන අපෙක්ෂකයෙකු වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටිනවා. මොළයෙන් සිතා වැඩ කරන සියලුදෙනාගේ තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. “
“එදා හිටපු ජනාධිපතිවරයා රටින් පලා යනවිට විපක්ෂ නායකතුමාත් හැංගුණා. එදා විපක්ෂනායකයා හැංගුණේ අරගලයේදී ඔහුට පන්න පන්න ගහපු නිසා වෙන්න පුළුවන්. රටක් ලෙස අප අසරණ වූ වෙලාවේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එම නිසා දුෂ්කරම මොහොතේ රටත් ජනතාවත් බේරා ගත් නායකයාට මේ රට තව දුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දිය යුතුයි.” ඇය පැවසුවාය.







