මනම්පිටිය නිමල් ජයරත්න –
වී තොගයක් විකුණා සිය ලොරි රථයෙන් දිඹුලාගල බිම්පොකුණ තම නිවස බලා එමින් සිටි පුද්ගලයෙකුට පහර දී ලොරි රථය කොල්ල කෑ සිද්ධියක් පිළිබඳව මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
අතරමග දී ලොරියට අත දමා තමන් කළුකැලේ ප්‍රදේශයට යන බව කී පුද්ගලයෙක් විසින් අතරමග ඉද්දපිච්ච වැව අසලදී රියදුරුට රියදුරගේ ගෙල හපා කා ලොරිය කොල්ල කෑ බවත්, ඒ අවස්ථාවේ දී වී විකුණා ගත් රුපියල් ලක්ෂ 10ක මුදල තමන් ඉද්දපිච්ච වැවට විසිකළ බවත් අගතියට පත් පුද්ගලයා ඊයේ (29) රාත්‍රියේ මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
මංකොල්ලකරු, ලොරි රථය රැගෙන අරලගංවිල ප්‍රදේශයට පලාගොස් ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බව මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ සහ වැලිකන්ද ප්‍රදේශය සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ උපදෙස් මත, මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.