මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) අනුමත කරනු ලැබුවේය.
සමගි ජන බලවේගය විසින් දියත් කරන ලද ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල මෙන්ම නිවැරදි බව අධිකරණය ප්‍රකාශ කළේය.
ඊට සමගාමීව තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති පියවර නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් ද අධිකරණය විසින් නිෂ්ප්‍රභ කළේය.
විජිත මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම විභාගය පැවැත්විණි.







